කොත්තු රොටී, වටලප්පම් ඔක්ස්ෆෝඩ් ශබ්ද කෝෂයට යයි
- 2025-06-29 15:15:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය යේ 2025 ජුනි නවතම සංස්කරණයට ශ්‍රී ලංකාවේ භාවිත වන වචන කිහිපයක් එක්කර තිබේ.
එලෙස එකතු කළ නව වචන අතරට “asweddumize” (අස්වැද්දුම) යන වචනය ඇතුළත් වී තිබිණි . එය සිංහල භාෂාවේ නිරන්තරයෙන් භාවිත වන වචනයක් වන අතර කෘෂිකර්මාන්තයේ සහ ඉඩම් ප්‍රතිසංස්කරණ යන ක්ෂේත්‍රයන්හි භාවිත වෙයි.
එමෙන්ම “කොත්තු රොටි” (kottu roti), යන වචනයද මෙසේ ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට එක් කර තිබේ.එය කැඩුණු රොටි, මස්, එළවළු සහ කුළුබඩුවලින් සාදන ලද වීදි ආහාර කෑමක් වන අතර එය වඩාත් ජනප්‍රිය වන්නේ ආහාරය සැකසීමේදී එන රිද්මයානුකූල හඬ නිසායි.
ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය විසින් සිංහල සම්භවයක් ඇති “මැල්ලුං” (mallung) යන වචනයද මේ සඳහා ඇතුළත් කර තිබේ. .එය පොල් සහ කුළුබඩු සමඟ මිශ්‍ර කර සැහැල්ලුවෙන් පිසින ලද ආහාරයකි.
“කිරිබත්” (kiribath) යන වචනයද මෙම ශබ්දකෝෂයේ ඇතුළත් කර ඇති අතර එය සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ සාම්ප්‍රදායිකව අනුභව කරන පොල් කිරි සහ සහල් යොදා සකසන ආහාරයක් වෙයි.. එසේම ශ්‍රී ලංකාවේ සංස්කෘතික සැමරුම් අගයමින්, ශබ්දකෝෂය සඳහා “අවුරුදු” (Avurudu) යන වචනයද ඇතුළත් කර තිබීම විශේෂයකි. අප්‍රේල් මාසයේ සමරනු ලබන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද, සාම්ප්‍රදායික ආහාර, චාරිත්‍ර වාරිත්‍ර සහ ක්‍රීඩාවලින් සමන්විතයි.
පොල් කිරි, හකුරු සහ කුළුබඩුවලින් සාදන ලද මුස්ලිම් උත්සව අතුරුපසක් වන “වටලප්පම්” watalappam යන වචනයද මෙයට ඇතුළත් කර තිබේ.
එමෙන්ම පෘතුගීසි ආභාෂය සහිත සංගීත ප්‍රභේදයක් වන “බයිලා” (baila) සහ ක්‍රිකට් තරගවලදී බොහෝ විට ඇසෙන සංගීත ශෛලියක් වන “පපරේ” (papare) යන වචනයද අලුතින් එකතු වුණු වචනවලට අයත් වෙයි.
“වලව්ව” (Walawwa) යන වචනයද මීට ඇතුළත් වන අතර එහිදී ශ්‍රී ලංකාවේ වතුයායක ප්‍රධාන නිවස, මන්දිරය යන අදහස ගෙනෙ දෙයි.මේ අතර, “ඔසරිය” (Osari) යන්නද මීට අන්තර්ගත කර ඇති අතර සිංහල කාන්තාවන් පැළදින සාම්ප්‍රදායික සාරි වර්ගයක් ඉන් විස්තර වෙයි.
කමල් ශ්‍රී ලියනගේ
Reply To:
Name - Reply Comment
0 Comments