කතරගමින් ඉදිකළ අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකිර්ණය විවෘත කරයි
- 2024-09-04 09:11:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය මගින් ඉදිකල මහරගම අපේක්ෂා රෝහලේ නව ළමා වට්ටු සංකීර්ණය ඊයේ (03) වැනි දින පෙරවරු විවෘත කරන ලදිි.
රැහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ගේ සංකල්පයක් මත බැතිමතුන්ගේ පඩුරැ ආධාර හා විවිධ පරිත්‍යාගභවතුන් ලබා දුන් ආධාර මත මිලියන 156 ක වියදමින් මෙම වට්ටු සංකීර්ණය ඉදිකර තිබේ.
ළමුන් 75 දෙනකුට ප්‍රතිකාර ලබා ගත හැකි අතර දරුවන් සදහා ක්‍රියා කාරකම් කිරිමට හැකි ස්ථාන ද සහිතවේ.
මෙම වට්ටු සංකීර්ණය වවෘත කිරිම රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් අතින් සිදුවිය.
පැය භාගයකට සීමා වු මෙම විවෘත කිරිමේ උත්සවය සදහා කිසිදු දේශපාලන මහතකු එක් නෙකර තිබිම විශේෂයකි .
අපේක්ෂ රෝහලේ දැරියක් පමණක් සභාව ඇමතු අතර වෙනත් කිසිදු කතාවක් සිදු නෙවි චාම් වු උත්සවයක් සිදුවිය .
මෙම වට්ටු සංකීර්ණය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රාමදායකත්වයෙන් ඉදි කර තිබේ .
කතරගම සන්දිම දේවප්‍රිය
Reply To:
Name - Reply Comment
0 Comments