කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු පුරාණය එළිදකී
- 2021-03-17 22:09:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
“කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු පුරාණය හා රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමි” පර්යේෂණාත්මක ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය අද (17) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.
අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංස මහානායක හිමිපාණන්ගේ උපදේශකත්වයෙන් ඩබ්.ඒ. පද්මින් සමීර මහතා ග්‍රන්ථය සම්පාදනය කොට ඇත.
උත්සවයට පැමිණි ජනාධිපතිවරයා රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මහානායක හිමිපාණන්ගේ ඡායාරූපයට පුෂ්පෝහාර දැක්වීය.
පූජ්‍ය වස්කඩුවේ මහින්දවංස හිමියෝ ජනාධිපතිවරයා වෙත ග්‍රන්ථය පිළිගැන්වූහ.
වස්කඩුවේ ශ්‍රී සුභූති මහා විහාරයේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම ජනාධිපති අතින් සිදු විය.
Reply To:
Name - Reply Comment
0 Comments