කාන්තාවන්ගෙන් සමන්විත කාර්ය මණ්ඩලයකින් ශ්‍රී ලන්කන් බැංකොක් ගිය ගමන
- 2025-03-09 17:51:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් වාර්ෂිකව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සංවිධානය කරන , ගුවන් ගමන මෙවර තායිලන්තයේ බැංකොක් නුවර බලා 03/08 දින කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි .
ප්‍රධාන ගුවන් නියමුවා ඇතුලු සමස්ත ගුවන් යානා කාර්යය කාන්තාවන්ගෙන් පමණක් සමන්විත වීම මෙම ගුවන් ගමනෙහි විශේෂත්වයක් වී තිබුණි .
මෙම ගුවන් ගමන සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඒ.-320 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර එහි ප්‍රධාන ගුවන් නියමුවා ලෙස මාධවී විජේසිංහ සහ සහායක ගුවන් නියමුවා ලෙස අයෝධ්‍යා වනසිංහ කටයුතු කළ අතර සමස්ත ගුවන් යානා කාර්යය මණ්ඩලය 08 දෙනෙකුගෙන් සමන්විත වූ අතර එහි ගුවන් මගීන් 96 දෙනෙකු ද සිටියහ .
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන මෙම ගුවන් යානය 03/08 දින උදෑසන 07.30 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි .
මෙම ගුවන් යානය 03/08 දින දහවල් 12.30 ට තායිලන්තයේ බැංකොක් නුවර ජාත්‍යාන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබුණි.
Reply To:
Name - Reply Comment
0 Comments