Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දකුණු කොරියාවේ සහ මැලේසියාවේ පැවති කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා තරගාවලි දෙකකට සහභාගී වී ඒවායින් රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් තෙනුර ලක්සෙන් ක්‍රීඩකයා 11/29 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

දකුණු කොරියාවේ පැවති 14 වන ලෝක කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා තරගාවලියේ දී කනිෂ්ඨ  කිලෝ ග්‍රෑම් 75 ට වැඩි බර පංතිය යටතේ තරග කළ තෙනුර එහිදී දෙවන ස්ථානයට පත් වෙමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි . මෙම තරගාවලිය ඉකුත් 11/06 දින සිට 11/12 දක්වා සියෝල් නුවර පවත්වා තිබුණි.

එමෙන්ම මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර  11/26 සහ 11/27 දින වල  පැවති කායවර්ධන ජාත්‍යන්තර ෆෙඩරේෂනයේ තරගාවලියේ දී තෙනුර ලක්සෙන් ක්‍රීඩකයා කායවර්ධන කනිෂ්ඨ විවෘත අංශයෙන් , ස්පෝර්ට්ස් කනිෂ්ඨ විවෘත අංශයෙන් රිදී පදක්කම් 02 ක් සහ ක්ලැසික් කනිෂ්ඨ විවෘත අංශයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වී සිටියේය .

 විසි හැවිරිදි තෙනුර ලක්සෙන් ක්‍රීඩකයා  මෙම ජයග්‍රහණ රැගෙන 11/29 දින උදෑසන 09.30 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 219 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතර ඔහු පිළිගැනීමට සිය මව ඇතුළු පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.