Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වාහක විභවයක් සහිත නව මදුරු විශේෂයක් සොයාගැනීමට මෙරට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබේ.

C .cinctellus ලෙස හඳුන්වනු ලබන මදුරු විශේෂයේ, මදුරුවන් මිනිසුන්ගේ රුධිරය උරා බොන බවක්,මීට පෙර වාර්තා වී නොතිබුණත්, ශ්‍රී ලංකාවෙන් සොයාගත් මෙම විශේෂයේ මදුරුවා මිනිසුන්ගේ රුධිරය උරාබොන බවට අනාවරණය වූ බව මෙම පර්යේෂණ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ගයාන් කුමාරසිංහ මහතා පැවසුවේය.

Culex ( Lophoceraomyia cinctellus නම් මෙම විශේෂයට අයත් මදුරුවන් ප්‍රථමවරට හමුවූයේ 1922 වසරේදී ය.මොවුන් මුලුමනින්ම වාසය කරන්නේ ආසියාවේ උෂ්ණ හා උපඋෂ්ණ කලාපීය රටවල වන අතර එම රටවල් අතරට චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව,ජපානය, මැලේසියාව,පිලිපීනය,සිංගප්පූරුව,තායිලන්තය හා වියට්නාමය ඇතුළත් වෙයි.

නමුත් එම රටවල වාර්තා වී ඇති C.cinctellus විශේෂයේ මදුරුවන්,මිනිස් ලේ උරා බොන බවක් වාර්තා නොවුණත්, මෙම විශේෂයේ මදුරුවන් සොයාගෙන වසර සියයකට පසුව ශ්‍රී ලංකාවෙන් සොයාගත් නව විශේෂයේ මදුරුවන් මිනිස් ලේ උරා බොන බවට සනාථ වූ බව ගයාන් කුමාරසිංහ මහතා පෙන්වා දෙයි.ඔහු වැඩි දුරටත් මෙසේද කීය.

“ මේ මදුරු විශේෂය මුලින්ම අපට වාර්තා වුණේ කුරුල්ලන් ඇමක් ලෙස භාවිත කළ උගුලකිනුයි.ඒ නිසා අපි මුලින් සිතුවේ මේ මදුරු විශේෂය කුරුල්ලන්ගේ රුධිරය උරා බොන, මදුරු විශේෂයක් කියලයි. නමුත් අපි දිගටම මේ සමිබන්ධයෙන් පර්යේෂණ කරන කොට තේරුණා මේ මදුරු විශේෂය කුරුල්ලන්ගේ වගේම මිනිසුන්ගේ රුධිරය උරා බොන්නත් රුචිකත්වයක් දක්වනවා කියලා.” 

මෙම මදුරුවන් කුරුල්ලන්ගේ රුධිරය උරා බොන නිසා කුරුල්ලන්ගේ රුධිරයේ තිබිය හැකි,අහිතකර වෛරස් වර්ග මෙම මදුරුවා හරහා මිනිස් රුධිරය සමග මිශ්‍ර වීමේ අවදානමක් පවතින බවත්,මේ හේතුව නිසා මෙම නව මදුරු විශේෂය ඉදිරියේදී මෙරටට තර්ජනයක් වියහැකි බවත් මෙම පර්යේෂකයෝ කියති.

“ C.cinctellus මදුරුවන් දැනට ශ්‍රී ලංකාවේ නාගරික බරවා රෝගය බෝකරන C.quniquefasiatus මදුරුවාට බාහිර රූපීයව හා ජානමය වශයෙන් බොහෝ සමානයි. නමුත් බරවා රෝගය බෝකරන මදුරුවා මිනිසුන්ගේ රුධිරය උරා බොන්නේ රාත්‍රී 8 න් පස්සේ උනත්, මෙම මදුරුවා සවස 5 න් පස්සේ මුළු රාත්‍රිය පුරාම ලේ උරා බොනවා. අපේ පර්යේෂක කණ්ඩායම මෙම මදුරු විශේෂය 2020 වසරේදී සොයාගත්තත්, අපි 2025 වන තෙක්, මේ පිළිබඳව අනාවරණය නොකළේ, මෙම මදුරුවන් පිළිබඳව අපි වැඩිදුරටත් අධ්‍යයනය කළ නිසයි.කොහොම නමුත්,තවමත් අපිට මේ මදුරුවා රෝග වාහකයෙකු ලෙස ක්‍රියාකරන බවක් පෙනෙන්න නැහැ.

ඒක සතුටට හේතුවක්. නමුත් ඉදිරියේදී මෙම මදුරු විශේෂය වාහකයෙක් ලෙස ක්‍රියාකරන්න ඉහළ සම්භාවිතාවක් තියෙනවා.කෙසේ වෙතත්, අපට මෙම නව මදුරු විශේෂය අන්තර්ජාතිකව ප්‍රකාශයට පත්කිරීම සඳහා ජානමය පරීක්ෂාවකට ශ්‍රී ලංකාවෙහි පහසුකම් නැති නිසා, දකුණු කොරියානු රසායනාගාරයකදී තමයි මේ සඳහා වන ජාන විශ්ලේෂණ වාර්තාව ලබාගත්තේ.

ඒ සඳහා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ආචාර්ය තාරක රණතුංග මහතා විශේෂ මැදිහත්විමක් කළා. ඒ වගේම වයඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය ලහිරු උදයංග මහතාත් සහය වුණා. අපි  ඒ සඳහා ඔවුන්ට මෙහිදී විශේෂ ස්තුතියක් පිරිනැමිය යුතුයි.”

මෙම නව මදුරු විශේෂය සොයා ගැනීම සදහා ප්‍රමිත රංගන, ගයාන් කුමාරසිංහ,නලීන් ජයසිංහ, ලහිරු උදයංග, තාරක රණතුංග, තිස්ස කරුණාරත්න සහ වර්ධා රිෆායි යන පර්යේෂකයන් එක්ව තිබේ.

මොණරාගල - නයනජීව බණ්ඩාර

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.