Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පැරිස් නුවර පැවති 2022 යුනෙස්කෝ සමු ප්‍රධාන තේමාව වූයේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම හෙවත් තොරතුරු සන්නිවේදන තාක්ෂණය පදනම් කරගත් අධ්‍යාපනයක් බවට පත් කිරීම බවත් ඊට අනුගත ව 2030 වන විට මෙරට අධ්‍යාපනය ද සකස් විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසූවේ පාර්ලිමේන්තුවේ සැසිවාරක දී අදහස් දක්වමිනි.

ඒ අනුව සාමාන්‍ය අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය හා වෘත්තීය පුහුණුව යන ක්ෂේත්‍ර තුනට ම අදාළ ව මයික්‍රොසොෆ්ට් ආයතනයත් සමග එක් ව දැනට මත් විධිමත් වැඩසටහන් තුනක් සකස් කර ඇතැයි ද, දැනට උගන්වන තොරතුරු තාක්ෂණ විෂය ක්‍රමයෙන් විකාශය වී කෘත්‍රීම බුද්ධි විෂය පාසල් අධ්‍යාපනයට එකු වීම, 6-9 සහ 10-13 වශයෙන් වට දෙකක දී ක්‍රියාත්මක කෙරෙන බවත් වසර අටක  ක්‍රියාවලියක් සිව් වසරකින් නිම කරන බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

මීට සමගාමී ව ගුරුවරුන් පුහුණු කළ යුතු බවත් කලාප 85ක පවතින පරිගණක සම්පත් මධ්‍යස්ථානවල හා ඉතිරි කලාප 15 සඳහා ද නව පරිගණක සම්පත් මධ්‍යස්ථාන පිහිටුවා ගුරු පුහුණුවීම් ආරම්භ කරන බවත් ඊට අවශ්‍ය අන්තර්ජාල පහසුකම් අවහිරතාවකින් තොර ව පවත්වාගෙන යෑම සඳහා ‘ෆයිබර් ඔප්ටික්‘ සබඳතා ලබාගන්නා බවත් අමාත්‍යාවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඒ අනුව පවත්නා අන්තර්ජාල පහසුකම් හා මහින්දෝදය පරිගණක විද්‍යාගාරවල පරිගණක උපාංග ආදිය යාවත්කාලීන කිරීමෙන් මෙන් ම අමතර වශයෙන් ප්‍රමුඛ පාසල් කිහිපයකට ම ෆයිබර් ඔප්ටික් සහිත අන්තර්ජාල පහසුකම් සපයා කලාප මට්ටමින් සුළු අලුත්වැඩියා කණ්ඩායම් සකසා මෙම  ඩිජිටල්කරණ අධ්‍යාපන ක්‍රියාවලිය ඉතා කෙටි කලක් තුළ දියත් කිරීමට අපේක්ෂිත බව ද හෙතෙම පැවසී ය.

     

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.