කෙටි කන් බකමූණෙකු මෙරටින් හමුවෙයි
- 2025-01-20 18:29:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උතුරු අර්ධ ගෝලයේ සිට ශීත කාලයේදී සමකය ආසන්න රටවලට පියාසර කරන short-eared owl (Asio flammeus) හෙවත් කෙටි කන් බකමූණෙකු, වර්ෂ ගණනකට පසු මෙරට අහසෙහි නිරීක්ෂණය වී තිබේ.
ඒ අනුව පක්ෂිවේදී මෝදිත කොඩිකාරආරච්චි මහතා සිය දෛනික නිරීක්ෂණ අතරතුරදී දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයේ ඉහළ අහසේ රවුම් ආකාරයට පියාසර කරමින් සිටියදී පසුගියදා මෙම බකමූණා නිරීක්ෂණය කර ඇත.
ඔහු පෙන්වා දෙන ආකාරයට, short-eared owl මෙරට තුළ මෑත කාලයේදී වාර්තා වී නොතිබී ඇති අතර, මේ ආකාරයට පක්ෂියා නිරීක්ෂණය වී ඇත්තේ වසර 10ක් පමණ ඉක්ම වූ කාලයකට පසුවය.
එසේම පක්ෂියාගේ ඡායාරූපද මෙරට තුළදී මින් පෙර ලබා ගෙන තිබූ බවට වාර්තා නොවන බවද කොඩිකාරආරච්චි මහතා පැවසීය.
ලොව විශාලතම ව්‍යාප්තිමය පරාසයකින් යුත් පක්ෂි විශේෂයක් ලෙස හැඳින්වෙන ‘short-eared owl’ යුරෝපය, ආසියාව, උතුරු සහ දකුණු ඇමරිකාව, කැරිබියන්, හවායි යනාදී දූපත්වල විවෘත ප්‍රදේශ හා තණබිම්වලදී හමුවන අතර, එම පක්ෂීහු උතුරු කලාපවලින් ශීත කාලයේදී දකුණට පියාසර කරති.
Reply To:
Name - Reply Comment
0 Comments