කොත්තු රොටී, වටලප්පම් ඔක්ස්‍ෆෝඩ් ශබ්ද කෝෂයට යයි

2025 ජුලි මස 01 පෙ.ව. 07:45 - {{hitsCtrl.values.hits}}  

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය යේ 2025 ජුනි නවතම සංස්කරණයට ශ්‍රී ලංකාවේ භාවිත වන වචන කිහිපයක් එක්කර තිබේ.

එලෙස එකතු කළ නව වචන අතරට  “asweddumize” (අස්වැද්දුම) යන වචනය ඇතුළත් වී තිබිණි . එය සිංහල භාෂාවේ නිරන්තරයෙන් භාවිත වන වචනයක් වන අතර කෘෂිකර්මාන්තයේ සහ ඉඩම් ප්‍රතිසංස්කරණ යන ක්ෂේත්‍රයන්හි භාවිත වෙයි.

එමෙන්ම “කොත්තු රොටි” (kottu roti), යන වචනයද මෙසේ ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට එක් කර තිබේ.එය කැඩුණු රොටි, මස්, එළවළු සහ කුළුබඩුවලින් සාදන ලද වීදි ආහාර කෑමක් වන අතර එය වඩාත් ජනප්‍රිය වන්නේ ආහාරය සැකසීමේදී එන රිද්මයානුකූල හඬ නිසායි.

 ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය විසින් සිංහල සම්භවයක් ඇති “මැල්ලුං” (mallung) යන වචනයද මේ සඳහා ඇතුළත් කර තිබේ. .එය පොල් සහ කුළුබඩු සමඟ මිශ්‍ර කර සැහැල්ලුවෙන් පිසින ලද ආහාරයකි.

 “කිරිබත්” (kiribath) යන වචනයද මෙම ශබ්දකෝෂයේ ඇතුළත් කර ඇති අතර එය සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ සාම්ප්‍රදායිකව අනුභව කරන පොල් කිරි සහ සහල් යොදා සකසන ආහාරයක් වෙයි.. එසේම ශ්‍රී ලංකාවේ සංස්කෘතික සැමරුම් අගයමින්, ශබ්දකෝෂය සඳහා “අවුරුදු” (Avurudu) යන වචනයද ඇතුළත් කර තිබීම විශේෂයකි. අප්‍රේල් මාසයේ සමරනු ලබන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද, සාම්ප්‍රදායික ආහාර, චාරිත්‍ර වාරිත්‍ර සහ ක්‍රීඩාවලින් සමන්විතයි. 

පොල් කිරි, හකුරු සහ කුළුබඩුවලින් සාදන ලද මුස්ලිම් උත්සව අතුරුපසක් වන “වටලප්පම්” watalappam යන වචනයද මෙයට ඇතුළත් කර තිබේ.

එමෙන්ම පෘතුගීසි ආභාෂය සහිත සංගීත ප්‍රභේදයක් වන “බයිලා” (baila) සහ ක්‍රිකට් තරගවලදී බොහෝ විට ඇසෙන සංගීත ශෛලියක් වන “පපරේ” (papare) යන වචනයද අලුතින් එකතු වුණු වචනවලට අයත් වෙයි.

“වලව්ව” (Walawwa) යන වචනයද මීට ඇතුළත් වන අතර එහිදී ශ්‍රී ලංකාවේ වතුයායක ප්‍රධාන නිවස, මන්දිරය යන අදහස ගෙනෙ දෙයි.මේ අතර, “ඔසරිය” (Osari) යන්නද මීට අන්තර්ගත කර ඇති අතර සිංහල කාන්තාවන් පැළදින සාම්ප්‍රදායික සාරි වර්ගයක් ඉන් විස්තර වෙයි.

කමල් ශ්‍රී ලියනගේ 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...