Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

COVID-19 හෝ උණ රෝගයට නිරාවරණය වී ඇත්දැයි පරිශීලකයින්ට දැන ගැනීමට ඉඩ සලසන නව මුව ආවරණයක් චීන පර්යේෂකයන් විසින් නිපදවා තිබේ. මුහුණු ආවරණ භාවිතය පහත වැටෙන විට සහ තවත් රටවල් වෛරස් සීමා ලිහිල් කරන විට පවා අවදානමට ලක්විය හැකි ජනගහනයට උපකාර කිරීම මෙම නව නිර්මාණයේ අපේක්ෂාවයි.

ෂැංහයි හි ටොංජි විශ්ව විද්‍යාලයේ සේවය කරන විද්‍යාඥයින් හය දෙනෙකු විසින් මෙහෙයවන ලද අධ්‍යයනයට අනුව, මුහුණු ආවරණයක් තුළ සාදන ලද සංවේදකයකින් විනාඩි 10 ක් ඇතුළත වාතයේ ඇති COVID-19, H5N1 සහ H1N1 ඉන්ෆ්ලුවෙන්සා වෛරස් හඳුනාගෙන උපාංගයකට දැනුම්දීම් මේ හරහා සිදුවෙයි.

නව සොයාගැනීම මැටර් විද්‍යාත්මක සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලදී. නැවත ආරෝපණය කළ හැකි ලිතියම් බැටරියක් සමග මුහුණ ආවරණයට පිටතින් සවිකර ඇති නව උපාංගය හරහා යමෙකු කතා කරන හෝ කැස්සක් ඇති විය හැකි අවස්ථාවකදී හෝ ගෘහසස්ථ පසුබිමක රෝග කාරක ඇතිදැයි පරීක්‍ෂා කිරීමට හැකියාව පවතී.

පර්යේෂකයන් පැවසුවේ මෙම උපකරණය ආසාදනය වීමේ අවදානම වැඩි සංවෘත අවකාශයන් තුළ වඩාත් හොඳින් භාවිතා කළ හැකි බවයි. උපාංගයේ පිරිවැය ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කර නැත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.