කොවිඩ් මරණ මිලියනය ඉක්මවයි
- 2020-09-29 16:11:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිව් යෝර්ක්, (ෂින්හුවා) - ගෝලීය COVID-19 මරණ සඳුදා දිනයේදී මිලියනය ඉක්මවා ගියේය. ඒ අනුව සඳුදා රාත්‍රිය වන විට ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව 1,000,555 දක්වා ඉහළ ගියේය.
කොවිඩ් වසංගතය හේතුවෙන් වඩාත්ම පීඩාවට පත්ව ඇති රට වන එක්සත් ජනපදය තුළ රෝගීන් 7,147,241 ක් සහ මරණ 205,031 ක් වාර්තා වී තිබේ. ඒ අනුව ඇමෙරිකාව තුළ ගෝලීය මරණ සංඛ්‍යාවෙන් සියයට 20කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙයි.
බ්‍රසීලයේ මරණ සංඛ්‍යාව 142,058 ක් වාර්තා වූ අතර එය එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාවට දෙවැනි වෙයි. තුන්වැනියට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්ත වන රටවන ඉන්දියාව තුළ මරණ 95,542 ක් වාර්තා වන අතර ලෝකයේ දෙවැනියට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේද ඉන්දියාව තුළින. ඉන්දියාවේ රෝගීන් සංඛ්‍යාව මිලියන 6 ඉක්මවා තිබේ.
මරණ 30,000 කට වැඩි ප්‍රමාණායක් වාර්තා වන රටවන් වන්නේ මෙක්සිකෝව, බ්‍රිතාන්‍ය, ඉතාලිය, පේරු, ප්‍රංශය හා ස්පාඤ්ඤයයි.
ජුනි 28 වනදා වන විට ගෝලීය COVID-19 මරණ සංඛ්‍යාව 500,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව මාස තුනකින් දෙගුණ විය.
Reply To:
Name - Reply Comment
0 Comments