කොවිඩ් සඳහා එන්නතක් රුසියාවෙන්
- 2020-08-11 16:26:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජ
රුසියා ජනපති ව්ලැඩ්මීර් පුටින් එරට රාජ්‍ය රැස්වීමක්දී ප්‍රකාශ කළේ කොවිඩ් 19 සම්බන්ධයෙන් භාවිත කළ හැකි පළමු එන්නත රුසියාව ලියාපදිංචි කළ බවයි.
" ලොව ප්‍රථම වතාවට කොරෝනා වයිරසයට එරෙහිව එන්නතක් ලියාපදිංචි කළා. එය ඵලදායී ලෙස ක්‍රියාත්මක වේවි. ප්‍රතිශක්තීකරණය ස්ථාවර කරාවි.” යැයි ඔහු පවසයි.
නව එන්නත සම්බන්ධයෙන් වන සායනික පරීක්ෂණ ජුනි 18 දා සිදුකර ඇති අතර ඒ සඳහා ස්වේඡාවෙන් පුද්ගලයන් 38ක් ඉදිරිපත්ව තිබේ. එන්නත භාවිත කිරීමෙන් පසු එම සියල්ලන්ගේම ප්‍රතිශක්තීකරණය දියුණු වී තිබේ.
මෙම එන්නත විශාල ලෙස නිෂ්පාදනය කිරීම නුදුරු අනාගතයේදීම ආරම්භ කරන බවත් එය ඉතාමත් වැදගත් බවත් ජනාධිපතිරයා සඳහන් කරයි.
මෙම එන්නත පරීක්ෂා කිරීම සදහා ඔහුගේ එක් දියණියක්ද ඉදිරිපත්ව තිබේ. ඇයටද එන්නත ශරීර ගත කළ බවත් ඇයට ගැටලුවක් ඇති නොවූ බව ඔහු සඳහන් කළේය.
"ඇය අත්හදා බැලීමට සහභාගී වූණා. . පළමු එන්නතෙන් පසු ඇගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 ක් විය, ඊළඟ දවසේ එය සෙල්සියස් අංශක 37 ක් වුණා. දෙවන එන්නතෙන් පසුව උෂ්ණත්වය ටිකක් වැඩිවුණා. ඉන්පසුව හැම දෙයක්ම පැහැදිලි වුණා.” යැයි පුටින් පැවැසීය.
කෙසේ වෙතත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන සී.එන්.එන්. වෙබ් අඩවිය පවසන්නේ එහි ආරක්ෂාව, ඵලදායිතාව පිළිබඳව අවධානය යොමුව ඇති බවත් එන්නත සංවර්ධනය කිරීමේදී ඇතැමි පියවර මඟහැර ඇති බවයි.
රුසියානු නිලධාරීන් මීට පෙර සීඑන්එන් වෙබ් අඩවියට පවසා ඇත්තේ එන්නත ලියාපදිංචි කිරීමෙන් පසු තීරණාත්මක තුන්වන අදියරේ අත්හදා බැලීම් සිදුකරන බවයි.
රුසියාව සිය එන්නත පරීක්ෂා කිරීම පිළිබඳව විද්‍යාත්මක දත්ත කිසිවක් නිකුත් කර නොමැති සීඑන්එන් සඳහන් කරයි.
රුසියාව ගෝලීය විද්‍යාත්මක බලවේගයක් ලෙස නිරූපණය කිරීමට උනන්දුවක් දක්වන ක්‍රෙම්ලීනයේ දේශපාලන බලපෑම් මධ්‍යයේ එන්නත සම්බන්ධයෙන් රට තුළ තල්ලුකිරීමක් ඇතිව තිබෙන බව විවේචකයින්ගේ අදහස බවද සී.එන්.එන්. වැඩිදුරටත් පවසයි.
ස්පුටිනික් හා සී.එන්.එන්. ඇසුරෙනි
Reply To:
Name - Reply Comment
0 Comments