Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

තායිලන්තයේ පැවති ජාත්‍යන්තර රොබෝටික්ස් තරගාවලියක් වන International Creativity and Innovation Awards තරගාවලියට සිය නිර්මාණ ඉදිරිපත් කළ කොළඹ - 04 , බුර්හානි සෙරෙන්ඩිබ් විද්‍යාලයේ සිසුන් 06 දෙනෙකු  ප්ලැටිනම් සහ රන් සම්මාන දිනා ගැනීමට සමත් වී තිබූ අතර ඔවුන් 04/29 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම තරගාවලිය තායිලන්තයේ බැංකොක් නුවර ඉකුත් 04/26 දින සිට 04/28 දින දක්වා ලෝකයේ රටවල් 24 කණ්ඩායම් 400 ක් නියෝජනය කරමින් තරගකරුවන් 1,000 ක් පමණ සිය   නිර්මාණ ඉදිරිපත් කරමින් සහභාගී වී සිටියහ .

මෙම විද්‍යාලයේ සිසුන් තිදෙනකු මෙම තරගාවලිය සදහා ලැව් ගිනි හදුනා ගෙන එහි පිහිටීම කඩිනමින් දැනුම් දෙන    ( Wild Fire Ditector ) Blaze Alert යන්ත්‍රයක් නිෂ්පාදන කර ඉදිරිපත් කර තිබූ අතර , ඒ සදහා මෙම තරගාවලියේ ප්ලැටිනම් සම්මානය හිමි වී තිබේ .

එසේම මෙම නිර්මාණය ඉදිරිපත් කළ සිසුන් තිදෙනාට කාම්බෝජයේ පැරගොන් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ 100% නොමිලේ හදෑරිය හැකි අධ්‍යාපනික ශිෂ්‍යත්ව තුනක් හිමි වී තිබේ .

එමෙන්ම මෙම විද්‍යාලයේ තවත් සිසුන් තිදෙනකු සාගරය වෙත ගොස් එහි අපද්‍රව්‍ය හදුනා ගෙන ඉවත් කිරීමේ ( Ocean Sweeper ) යන්ත්‍රයක් මෙම තරගාවලිය සදහා ඉදිරිපත් කර තිබූ අතර ඒ සදහා රන් සම්මානය හිමි වී තිබේ .

ඊට අමතරව මෙම නිර්මාණය සදහා Most Interesting Solution යන සම්මානය ද හිමි වී තිබේ .

මෙසේ සම්මාන දිනා ගත් සිසුන් පිරිස එම විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය සබීර් මහතා සහ එම විද්‍යාලයේ පරිගණක තාක්ෂණය උගන්වන මුර්තාසා ගුරු මහතා ද සමග 04/29 දින රාත්‍රී 10.00 තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා මෙම සිසුන්ගේ දෙමාපියන් විශාල පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.