ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
- 2023-05-08 18:29:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මේ වන විට ඩෙංගු රෝගී තත්ත්වයේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන ගම්පහ දිස්ත්‍රික්කය තුළ විශේෂිත ඩෙංගු මර්දන වැඩසටහනක් කඩිනමින් ක්‍රියාවට නැංවීමට පියවර ගැනෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
පසුගිය මස අවසන් සතියට සාපේක්ෂව මැයි මුල් සතිය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ යම් අඩුවීමක් පෙන්නුම් කළද එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙන බව හෙතෙම පෙන්වා දෙයි.
එමෙන්ම ඩෙංගු රෝගීන්ගෙන් 49% ක් වාර්තාවී ඇති බස්නාහිර පළාත තුළ මේ වන විට ඩෙංගු මර්දන වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇතැයිද එයට අමතරව රට පුරා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් එවැනි වැඩසටහන් රැසක් මේ වන වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments