ග්‍රහලෝක 5ක් එකම රේඛාවක
- 2022-06-27 14:13:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පියවි ඇසින් නිරීක්ෂණය කල හැකි අප සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක පහකි. ඒවා නම් බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සහ සෙනසුරු ය. වසරේ එක් එක කාලයෙ දී මෙම ග්‍රහලෝක වෙන වෙනම රාත්‍රී අහසේ නිරීක්ෂණය කල හැකි අතර, මෙම දිනවල විශේෂයක් වන්නේ මෙම ග්‍රහලෝක 5ම එකම රේඛාවක එකවර අහසේ නිරීක්ෂණය කල හැකි වීමයි.
2022 ජුනි 29 දින (පෙ.ව. 5)ග්‍රහලෝක 5ම එකම රේඛාවක පිහිටා ඇතිආකාරයඉහත රූපයෙන් දැක්වේ.
පිළිවෙලින්(වමේ සිට දකුණට): බුධ, සිකුරු,අඟහරු, බ්‍රහස්පති, සහ සෙනසුරු
සෙනසුරු ග්‍රහලෝකය තරමක් අහස මුදුනට වන්නට පිහිටා ඇති බැවින් එම ග්‍රහලෝකය හඳුනා ගැනීම තරමක් අපහසු විය හැකි නමුත් ඉතාමත් දීප්තිමත්ව දර්ශනය වන සිකුරු හා බ්‍රහස්පති ග්‍රහලෝක මනසින් යා කරමින් මනඃකල්පිතරේඛාවක් ඇඳීමෙන් අනෙක් ග්‍රහලෝක පහසුවෙන් හඳුනා ගත හැකි වනු ඇත.
චන්ද්‍රයාගේ ආලෝකයේ බලපෑම අවම වන ජුනි 29 (බදාදා) දින අලුයම අහසේ 4:40 සිට හිරු උදාව දක්වා මෙම සංසිද්ධිය වඩාත් ම පැහැදිලිව නිරීක්ෂණය කල හැකි වේ. පැහැදිලිව ක්ෂිතිජය නිරීක්ෂණය කල හැකි ස්ථානයක සිට නිරීක්ෂණය කරන්නේ නම් මෙම සංසිද්ධිය ජුලි මස පළමු සතිය අවසානය දක්වා ම නිරීක්ෂණය කල හැක.
ජුලි මස පළමු සතියෙන් පසු බුධ ග්‍රහලෝකය සූර්යයා ආසන්නයට ගමන් කිරීම නිසා එම ග්‍රහලෝකය නිරීක්ෂණය නොවන නමුත් අනෙකුත්ග්‍රහලෝක 4 අගෝස්තු පළමු සතිය දක්වා ම මෙම රේඛීය පිහිටුමේ පවතින ආකාරය දර්ශනය වේ.
සෞරග්‍රහ මණ්ඩලය සම්පුර්ණයෙන් පැතලි ආකාරයට සැකසී තිබිණි නම් මේ ආකාරයට ග්‍රහලෝක පිහිටීම නිතර නිරීක්ෂණය කල හැකි වේ. නමුත් සැබවින්ම ග්‍රහලෝක වල කක්ෂ, එකිනෙකට ආනත තල වල පිහිටා ඇති බැවින් ග්‍රහලෝක මේ ආකාරයට රේඛීය පිහිටුමක දර්ශනය වීම කලාතුරකින් සිදු වේ.නැවත මෙලෙස ග්‍රහලෝක 5ක් රේඛීය පිහිටුමක දැකිය හැක්කේ 2040 වසරේ දී ය.
Reply To:
Name - Reply Comment
0 Comments