Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ආර්ථික දුෂ්කරතා හමුවේ වුවත් ජාතික මට්ටමින් සහ පළාත් මට්ටමින් ගුරු පත්වීම් 16,000ක ප්‍රමාණයක් ලබා දෙමින් ගුරු හිඟයට විසඳුම් ලබාදීමට රජය සමත් වූ බව බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ජනතාව ඉතිහාසයේ දුෂ්කරම තත්ත්වයට මුහුණ දී සිටියදී කිසිවෙකු රට ගොඩ ගැනීමේ වගකීම භාරනොගත් පසුබිමක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව රටේ වගකීම භාරගෙන වසර දෙකක් තුළ රට යථා තත්ත්වයට ගෙන ඒමට කටයුතු කළ බවත් ඒ සම්බන්ධව වන මතාකාවර්ජනයක් මේ මොහොතේ අත්‍යාවශ්‍ය බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන්  ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය,

කොවිඩ් වසංගතය මෙන්ම අරගලය සමඟ මෙරට අනෙකුත් සෑම ක්ෂේත්‍රයක් මෙන්ම සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය ද විශාල අර්බුදයකට ලක්වුණා. වැටුණු රට ගොඩ ගැනීමේ වගකීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අප ආණ්ඩුව විසින් භාර ගත්තේ වෙනත් කිසිවෙකු එම වගකීම භාර නොගත් පසුබිමක බව ද පැවසිය යුතුයි. ඒ අනුව එදා පැවති තත්ත්වය වෙනස් කර ගෙවුනු වසර දෙකක කාලය තුළ රට යථා තත්ත්වයට පත්කීරීමට ආණ්ඩුව සමත් වුණා. එබැවින් මේ මෙහොතේ එදා රට පැවති තත්ත්වය සහ අද රට තිබෙන තත්ත්වය පිළිබඳව මතකාවර්ජනයක් අත්‍යවශ්‍යව තිබෙනවා.

ඒ වගේම චීන රජය විසින් මෙරට පාසල් දූ දරුවන් සඳහා 2025 වර්ෂයට අදාළ පාසල් නිල ඇදුම් සැපයීම සියයට සියයයකින් සිදු කරන බව මේ වන විට අමාත්‍යාංශය වෙත තහවුරු කර තිබෙනවා. 2025 වර්ෂයට අදාළ පාසල් පෙල පොත් ප්‍රාදේශීය ගබඩාවලට නිකුත් කිරීම ද හෙට දිනයේ සිට ආරම්භ කරනවා. ප්‍රධාන පෙලේ ජාතික පාසල් හැරුණු විට සෙසු සියළු පාසල් සඳහා දිවා ආහාරය ලබාදීමට ද අප කටයුතු කර තිබෙනවා. ලක්ෂ 17ක සිසු දරුවන් ප්‍රමාණයක් එම ප්‍රතිලාභය ලබනවා.

එමෙන්ම දකුණු කොරියාවේ කොයිකා ආයතනය මඟින් සාගර විශ්වවිද්‍යාලය වෙත ඩොලර් බිලියන 85ක් ලබාදීමට නියමිතයි. වෙනත් විශ්වවිද්‍යාල සඳහා ද විදෙස් ආධාර යටතේ ආරම්භ කර පසුගිය සමයේ අතරමැද නතර කර තිබුණු සංවර්ධන කටයුතු ද මේ වන විට නැවත ආරම්භ කර තිබෙනවා. එය විශ්වවිද්‍යාල පද්ධතියට මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා ද ඉතා වැදගත් වන බව කිව යුතුයි.

ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරු වෘත්තීය ගැටළු ආශ්‍රිත කරුණු දෙකක් සඳහා විසඳුම් ලබා දීමට අප කටයුතු කරනවා. ඒ යටතේ ගුරු වෘත්තීය ගැටළු පිළිබඳ සමාලෝචනයක් සිදුකර එය නිරාකරණය කිරීමට නියමිතයි. ඒ සමඟ වැටුප් වර්ධක ප්‍රමාදයකින් තොරව ලබාදීමට හැකියාව ලැබෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරිය එකඟ වූ පරිදි එළැඹෙන බදාදා දිනය වන විට අදාළ නියෝග ලිපි අමාත්‍යංශයට ලැබීමෙන් අනතුරුව පළාත් බලධාරීන් වෙත යොමු කිරීමට කටයුතු කරනවා.

එමෙන්ම ජාතික මට්ටමෙන් සහ පළාත් මට්ටමින් ගුරු පත්වීම් 16,000 ක් පමණ මෙම වකවානුව තුළ ලබාදීමට අප කටයුතු කළා. මෙම පත්වීම් ලබා දුන්නේ ආර්ථික දුෂ්කරතා හමුවේ බව ද සිහිපත් කළ යුතුයි. ඒ අනුව පැවති
ගුරු හිඟයට විසඳුම් ලබා දීමට අප සමත් වී තිබෙනවා.

තවද තාක්ෂණයෙන් ඉහළ Smart Board 2700ක් පාසල් වලට ලබා දීමට මේ වන විට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව අපගේ සැලසුම් වී තිබෙන්නේ සමස්ත පාසල් ජාලයම ඩිජිටල්කරණය කිරීමයි. තව ද ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මඟින් ඩොලර් මිලියන 400ක් ලබාදීමට සැළසුම් කෙරෙමින් තිබෙනවා.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.