Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නාන්තරයේ වන වැස්ම වැඩිකිරිමේ අරමුණ ඇතිව ශ්‍රි ලංකා ගුවන් හමුදාවෙි සහය ලබාගෙන ගුවනින් වියළි කළාපිය වනාන්තරවල වැවෙන බීජ වර්ග 75000ක් පමණ SEED BOMBING (​බීජ බෝම්බ) ක්‍රමයට අක්කර 495ක ප්‍රදේශයක් පුරා  විසිරැවා හැරි බව මොණරාගල දිසාවන නිළධාරි භාරත දිසානායක මහතා පැවසීය.

දිසාවන නිළධාරිවරයා පවසන්නේ මෙි වන විට  වත්තේගම කැබිලිත්ත සංරක්ෂිත වනාන්තරයේ අක්කර 12000ක් පමණ හේන් වගාව නිසා විනාශ වි ඇති බවයි.

මෙරට වන වැස්ම 2030 වසර වන විට සියයට 27 සිට සියයට 32 දක්වා වර්ධනය කිරිමෙි රජයේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශණයේ අපේක්ෂාව යථාවත් කිරිමෙි අරමුණින් මෙම මෙහෙයුම දියත්කල බව දිසාවන නිළධාරිවරයා පෙන්වා දෙයි.

වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුව හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාපිඨය එක්ව සංවිධානය කර තිබු මෙම ගුවනින් බීජ හෙළිමෙි ව්‍යාපෘතිය,ශ්‍රි ලංකා ගුවන් හමුදාවෙි එයාර් මාර්ෂල් සුදර්ශණ පතිරණ මහතාගේ උපදෙස් හා නියෝග මත , ගුවන් හමුදාවට අයත් එමි.අයි 17 වර්ගයේ හෙළිකොප්ටර් යානා යොදා ගනිමින් ක්‍රියාත්මක කර තිබුණි.

මෙම මෙහෙයුමෙිදි, වත්තේගම කැබිලිත්ත වනාන්තරයේ හමුවන මයිල, කොන්,කොහොඹ,පලු,කුඹුක්,අරලු,බුලු වැනි බීජ, විශේෂ ශාඛ පෝෂක අඩංගු  ආවර්ණයකින් වසා, ගුවනින් රක්ෂිතයට මුදාහල බවත්, ඒවා පොළොවට පතිත වු පසු පැලවෙන ආකාරයට සකසා තිබු බවත්, වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුව පවසයි.

යාල ජාතික වනෝද්‍යාන සංකිරණය හා කුඹුකන්ඔය වන රක්ෂිතය ඇතුලු රක්ෂිත වනාන්තර පද්ධතියක් සමිබන්ධකරන වත්තේගම කැබිලිත්ත වනාන්තරය,වන සංරක්ෂණ ආඥා පනත නිතිගත වු මුල් අවධියේ සිටම වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුව යටතේ පාලනය වු රජයට අයත් වනාන්තරයකි. හෙක්ටයාර 28926ක වනාන්තර ප්‍රදේශයක් රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.මෙම වත්තේගම කැබිලිත්ත වන රක්ෂිතය,විලඹය,කුමුකන්ඔය, මෙන්ම කොටියාගල හා වටිටාරම යන වැවි ඇතුලුව වැවි රැසක පෝෂක වනාන්තරයද වෙි

නයනජිව බණ්ඩාර

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.