Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වයස අවුරුදු 18ට අඩු බාල වයස්කරුවන්ට සතියකට පැය තුනකට වඩා වැඩි කාලයක් අන්තරජාල වීඩියෝ ක්‍රීඩා කිරීම තහනම් කරමින් චීනය නව නීතියක් පනවා තිබේ.

එමෙන්ම සෑම සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා ළමයින්ට මෙසේ අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩා කිරීමද චීනය විසින් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, සිකුරාදා සිට ඉරිදා දක්වා රාත්‍රී 8.00 සිට රාත්‍රී 9.00 දක්වා පමණක් කැමති නම් වීඩියෝ ක්‍රීඩාවක නිරත වීමට දරුවන්ට අවස්ථාව ලබා දී ඇත.

මෙම තහනම සියලුම වීඩියෝ ක්‍රීඩා සඳහා අදාළ වන නමුදු, චීනයේ ජාතික මුද්‍රණ හා ප්‍රකාශන පරිපාලනය විසින් නිකුත් කරන ලද බලාත්මක කිරීමේ පියවර මූලික වශයෙන් ඉලක්ක කර ඇත්තේ ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩා සහ සූදු ක්‍රීඩාවට අදාළ මාර්ගගත සේවාවන්ට බවද සඳහන් වෙයි.

මීට පෙර චීනය විසින් වයස අවුරුදු 18න් පහළ ඕනෑම අයෙකුට වීඩියෝ ක්‍රීඩා කිරීමේ කාලය ඕනෑම දිනයක පැය 1.5කටත් 2019  නිවාඩුවේ පැය තුනකටත් සීමා කර තිබුණි. ඒ අනුව දැන් නව නීතිය යටතේ මෙය සතියකට පැය 3ක් පමණක් වීඩියෝ ක්‍රීඩාවට අවස්ථාව ලබාදී අතර, ජංගම දුරකථන, ඇතුළු සියලු උපාංගවලින් සිදුකරන වීඩියෝ ක්‍රීඩාවන් සෙසු දිනවල දැඩිව තහනමට ලක්වෙයි.

මෙය බාලවයස්කරුවන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය ආරක්‍ෂා කිරීමටත්, චීනයේ ජාතික පුනර්ජීවන යුගය තරුණ පරම්පරාවේ මනස තුළ වගා කරමින්, ඔවුන් ඒ හා සම්බන්ධ කිරීමට මෙම අතිශය වැදගත් පියවර ගත් බවත් චීනයේ නීයාමකයන් අවධාරණය කරයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.