චාල්ස් රජුගේ රාජාභිෂේකයට රජයේ නිවාඩුවක්
- 2022-11-07 11:17:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් ප්‍රකාශ කළේ ලබන වසරේදී තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය සැමරීම වෙනුවෙන් රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කරන බවයි.
ඒ අනුව, රාජාභිෂේකය සිදුවන දිනයෙන් පසුව 2023 මැයි 8 සඳුදා බැංකු නිවාඩුව වැටෙන බවයි.
73 හැවිරිදි චාල්ස්, ඔහුගේ මව වන දෙවැනි එලිසබෙත් රැජිනගේ අභාවයෙන් සැප්තැම්බර් මාසයේදී උරුමයෙන්ම රජ බවට පත් විය.
දින කිහිපයකට පසු, ශාන්ත ජේම්ස් මාලිගයේ පැවති උත්සවයකදී ඔහු එක්සත් රාජධානියේ නව රජු ලෙස නිල වශයෙන් තහවුරු කරන ලදී.
බ්‍රිතාන්‍ය රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 1953 දී දිවංගත රැජිනගේ රාජාභිෂේකය සමඟ පැවති බැංකු නිවාඩුවට අනුකූලව මෙම පියවර ගත් බවයි.
නිවාඩු දිනය එක්සත් රාජධානිය පුරා සිටින පවුල් සහ ප්‍රජාවන්ට සැමරීමට එක්වීමට අවස්ථාවක් වනු ඇතැයි එහි වැඩිදුරටත් සඳහන් වේ.
නරේන් විශ්වජිත්
Reply To:
Name - Reply Comment
0 Comments