චීනයෙන් නව කුරුලු උණක්
- 2021-06-02 16:12:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නැගෙනහිර චීනයේ ජියැන්ග්සු හි පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක්ට H10N3 කුරුළු උණ රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි. ඒ අනුව H10N3 කුරුළු උණ රෝගය ආසාදනය වූ බවට තහවුරු කරගත් ලෝකයේ පළමු රෝගියා ඔහු වෙයි.
ජියැන්ග්සු පළාතේ ෂෙන්ජියැං නගරයේ පදිංචිව සිටි මෙම පුද්ගලයාට අප්‍රේල් 23 වන දින උණ වැනි රෝග ලක්ෂණ ඇති වූ අතර ඔහු අප්‍රේල් 28 වන දින ප‍්‍රාදේශීය රෝහලකට ඇතුළත් කළ බව කොමිසම අඟහරුවාදා පැවසීය. ජාන විශ්ලේෂණය අවසන් කිරීමෙන් පසු ඔහුට H10N3 කුරුළු උණ රෝගය ආසාදනය වී ඇත බවට මැයි 28 දින තහවුරු කරගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් කොමිසම කියා සිටියේ කුරුල්ලන් අතර H10N3 වෛරසය අඩු ව්යාධිජනක බැවින් එය මාරාන්තික නොවන බවයි.
කෙසේ වෙතත් එය මහා පරිමාණ පැතිරීමක් වීමට පවතින තත්ත්වය අතිශයින්ම අඩු බව කොමිසම පවසයි.
රෝගියා ස්ථාවර තත්ත්වයේ පසුවන අතර රෝහලෙන් පිටව යාමට සූදානම් බව කොමිසම පවසයි. ඔහුගේ සමීප සම්බන්ධතා කිසිවක් කුරුළු උණ රෝගයට ගොදුරු වී ඇති බවක් සොයාගෙන නැත.
රෝගී හෝ මියගිය කුකුළු මස් වලින් ඈත්ව සිටින ලෙසත් සජීවී කුකුළු පැටවුන් සමඟ සෘජුව සම්බන්ධවීමෙන් වළකින ලෙසත් කොමිෂම මහජනතාව දැනුවත් කර තිබේ.
උණ හෝ ශ්වසන රෝග ලක්ෂණ ඇති වුවහොත් මහජනතාව මුව ආවරණ පැළඳිය යුතු බවත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු බවත් සෞඛ්‍ය කොමිෂම වැඩිදුරටත් පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments