Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

චීනයේ අඟහරු රෝවරය වන ෂුරොන්ග් අද (22දා) රතු ග්‍රහයා මත සිය ජංගම මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා ලෑන්ඩර් යානයෙන් පහළට පැමිණි බව චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය පවසයි.

ෂුරොන්ග් රෝවරය අඟහරු පෘෂ්ඨය මත ගමන් කර එහි වටපිටාව පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම ඇතුළු විද්‍යාත්මක ගවේෂණය සඳහා අධි තාක්ෂණික විශේෂාංග හයකින් සන්නද්ධව ඇති බව කියයි. එහිදී භූමි කැමරාවක්, බහු වර්ණ කැමරාවක්, උප පෘෂ්ඨය අනාවරණ රේඩාර් පද්ධතියක්, මතුපිට සංයුතිය අනාවරකයක් සහ තවත් බොහෝ තාක්ෂණික විශේෂාංග ඊට ඇතුළත්ව තිබේ.

රෝවරයේ ගවේෂණය ටියැන්වෙන් අඟහරු මෙහෙයුමේ කොටසක් වන අතර, එමගින් අඟහරු ග්‍රහයාගේ රූප විද්‍යාව හා භූ විද්‍යාත්මක ව්‍යුහය, පාංශු ලක්ෂණ, ජල-අයිස් පැවැත්ම, සංයුතිය, අයනගෝල, දේශගුණය, වායුගෝලය සහ භෞතික සහ අභ්‍යන්තර ව්‍යුහය ඇතුළු විවිධ ලක්ෂණ අධ්‍යයනය කිරීම සඳහා සිදු කෙරෙමින් පවතී.

ඒ සමගම, ටියැන්වෙන් මෙහෙයුමේ අඟහරු කක්ක්ෂයේ සිට ඔබිටර් යානය ක්‍රියාත්මක වන අතර, එය ෂුරොන්ග් සඳහා ස්ථාවර රිලේ සන්නිවේදනයක් සපයනු ලබයි.

පසුගිය මැයි 15 වැනි දින අඟහරු උතුරු අර්ධගෝලය වෙත ෂුරොන්ග් රෝවරය රැගත් ලෑන්ඩර් යානය ගොඩබෑම සිදුවූ අතර, එය අඟහරු පෘෂ්ඨය ස්පර්ශ කිරීමෙන් සතියකට පමණ පසු මෙසේ ෂුරොන්ග් රෝවරය අඟහරු පෘෂ්ඨය මත ගමන් කිරීමට පහළට පැමිණ තිබේ.

නරේන් විශ්වජිත්

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.