ජනවාරි සහ පෙබරවාරි මාසවල රාත්‍රී අහසේ ග්‍රහලෝක 6ක්
- 2025-01-26 16:48:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු සහ යුරේනස් යන ග්‍රහලෝක හයක දුර්ලභ පෙළගැස්මක් මේ දිනවල සිදු වන අතර එය තාරකාවිද්‍යා ලෝලීන්ට සහ තරු නිරීක්ෂකයින්ට දර්ශනීය දසුනක් ලබා දෙයි.
සිකුරු, සෙනසුරු, බ්‍රහස්පති සහ අඟහරු පියවි ඇසින් දැකීමට තරම් දීප්තිමත් ය. යුරේනස් සහ නෙප්චූන් දුරේක්ෂයකින් දැකිය හැකිය. මෙම අහස් පෙරහැර ජනවාරි 29 දක්වා මේ දිනවල හිරු බැස යෑමෙන් පසු විනාඩි 90 ක් ඇතුළත හොඳින් දැකගත හැකි බව ද කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ සහ නවීන තාක්‍ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
සියලුම ග්‍රහලෝක අහස හරහා එකම පොදු මාර්ගයක් අනුගමනය කරන බැවින්, බටහිර සිට නැගෙනහිරට ඇද ඇති මනඃකල්පිත රේඛාවක් වටා දළ වශයෙන් බැලීමෙන් ඒවා හඳුනා ගැනීම පහසුය. ඒවා අහස හරහා චාපයක් තුළ දිස් වුවද, ග්‍රහලෝක ඇත්ත වශයෙන්ම අභ්‍යවකාශයේ සරල රේඛාවක සකසා නොමැත.
බටහිර දෙස බැලීමෙන් ආරම්භ කරන්න. සිකුරු ග්‍රහයා අහසේ දීප්තිමත්ම ග්‍රහයා වන අතර සෙනසුරු ඊට මදක් පහළින් පිහිටා ඇත. ග්‍රහලෝක දෙක අතර රේඛාවක් අඳින්න, ඉන්පසු බ්‍රහස්පති ඉහළින් සොයා ගැනීමට එම රේඛාව අනුගමනය කරන්න. රේඛාව අනුගමනය කරමින් තව ඉහලට බලන්න. එවිට අඟහරු ග්‍රහයා නැඟෙනහිර දෙසින් රතු පැහැයෙන් දිදුලන ආකාරය ඔබට පෙනෙනු ඇත. එය පෘථිවියේ සිට සූර්යයාට කෙළින්ම විරුද්ධ ව මේ දිනවල පිහිටන නිසා වැඩි දීප්තියකින් දිස්වේ.
අනෙක් ග්‍රහලෝක දෙක පියවි ඇසට නොපෙනේ. යම් පුහුණුවක් සහිතව දුරේක්ෂයකන් බැලූවිට, සිකුරු ග්‍රහයාට මදක් ඉහළින් සහ එහි දකුණට වන්නට නිල් පැහැයෙන් දිදුලන නෙප්චූන් ග්‍රහලෝකය දැකගත හැකි බවත්, බ්‍රහස්පති ග්‍රහයාට බටහිර දෙසින් යුරේනස් ග්‍රහලෝකය දිස්විය හැකි බවත් මහාචාර්ය ජයරත්න මහතා පැවසීය.
Reply To:
Name - Reply Comment
0 Comments