ජාතික පාසලක අඛණ්ඩව වසර 6ක් හිටියොත් ස්ථාන මාරු අනිවාර්යයි
- 2023-12-18 09:05:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ට වෙනත් ජාතික පාසල්වලටද පළාත් පාසල්වල සේවයේ නියුතු විදුහල්පති සේවයේ නිලධාරීන්ට ජාතික පාසල්වලටද 2024 වර්ෂය වෙනුවෙන් වාර්ෂි ක ස්ථාන මාරු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
ඒ අනුව ජාතික පාසලක අවමව වසර තුනක්වත් සේවය කර ඇති විදුහල්පති සේවයේ නිලධාරීන් වෙනත් ජාතික පාසලකට ස්ථාන මාරුවක් ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබයි.
කෙසේ වුවත් ස්තිර පත්වීමක් ලැබ එකම ජාතික පාසලක අඛන්ඩව වසර 6ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති විදුහල්පති සේවයේ සියලුම නිලධාරීන් ඉල්ලුම් පත් ඉදිරිපත් නොකලද අනිවාර්යයෙන් ස්ථාන මාරු කිරීම සඳහා යටත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම පළාත් පාසල්වල ස්ථිර විදුහල්පතිවරයෙකු ලෙස වසර 6 ක් හෝ ඊට වැඩි සේවා කාලයක් සහිත නිලධාරින්ටද නියෝජ්‍ය හෝ සහකාර විදුහල්පති ලෙස අවමව වසර තුනක් සේවය කර ඇති නිලධාරින්ටද පළාත් බලධාරින්ගේ එකඟතාව මත ජාතික පාසල් වෙත ස්තාන මාරුවීම් ඉල්ලීමට අවස්තාව සලසා ඇති බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම මාරු ඉල්ලුම් පත් අදාල නිලධාරීන්ගේ නිර්දේශ සහිතව මෙම දෙසැම්බර් 31 ට පෙර අමාත්‍යාංශය වෙත ලැබිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.
Reply To:
Name - Reply Comment
0 Comments