Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙතෙක් අප රටේ වී අක්කරයකට ලැබූ වැඩිම වී අස්වනු ප්‍රමාණය වාර්තා කිරීමට 2022/23 මහ කන්නයේ දී අම්බලන්තොට ප්‍රදේශයේ ගොවීහු සිව්දෙනෙක් සමත්ව ඇතැයි බතලගොඩ වී පර්යේෂණායතනය විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට වාර්තාවක් සපයමින් සඳහන් කර තිබේ.

ඒ අනුව ගොවීන් තිදෙනෙක් අක්කරයකට ලද වී අස්වනු ප්‍රමාණය වී බුසල් 215 හෙවත් වී කිලෝග්‍රෑම් 4407.5ක් වාර්තා කර ඇති අතර තවත් එක් ගොවියෙක් අක්කරයකට වී බුසල් 195ක් හෙවත් වී කිලෝග්‍රෑම් 3997.5ක් වශයෙන් වාර්තා කර තිබේ.

මේ අනුව රිදියගම‍ෙපදිංචි කේ.පී. ඩී. ඊ. ජයසේකර , මාලා පරණවිතාන, හා ජී. අබේසිංහ යන ගොවි මහත්ම මහත්මීහු  අක්කරයකට වී බුසල් 215ක අස්වැන්නක් ලබා ඇති අතර මයුරපුර පදිංචි  ජානක නුවන් දිසානායක මහතා අක්කරයකට වී බුසල් 195ක් වාර්තා කර ඇති බව බතලගොඩ වී පර්යේෂණායතනය පවසයි.

මෙම ගොවීන් සියලු දෙනාම වගා කර තිබෙන්නේ අම්බලන්තොට වී පර්යෙෂ්ණායතනය   විසින් හඳුන්වා දී තිබෙන At 362 නැමැති වී ප්‍රභේදයයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති උපදෙස් පරිදි යුරියා පොහොර මෙන්ම කාබනික පොහොර මෙම ගොවීන් විසින් යොදා ඇති අතර ඊට අමතරව පිළිස්සු පිදුරු, හා දහයියා අළු හා බන්ඩි පොහොර  යෙදීම ද සිදු කර තිබේ.

කෙසේ වුවද මෙතෙක් අප රටින් වාර්තා වූ වැඩිම වී අස්වනු ප්‍රමාණය මෙය වන අතර ඔවුන් විසින් හෙක්ටෙයාර් එකකට ලද වී අස්වැන්න මෙට්‍රික් ටොන් 10 ඉළක්කය ඉක්මවා තිබීම ද විශේෂත්වයක් බව බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැවසීය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා පසුගිය මහ කන්නයේ වැඩිම වී අස්වනු ලද ගොවි ජනතාව තවත් සිටින්නේ ද  යන්න සම්බන්ධව සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙස බතලගොඩ වී පර්යේෂණායතනයට උපදෙස් දුන්නේය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.