ජාතික වෙසක් උත්සවය නුවරඑළියේදී
- 2025-04-19 09:35:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර ජාතික වෙසක් උත්සවය මැයි මස 10 දින සිට 16 වැනි දින දක්වා නුවරඑළියේදී පැවැත්වීමට පියවර ගෙන තිබේ.
ජාතික වෙසක් උත්සවය ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් සඳහා මුල් තැන දෙමින් ‘භජේත මිත්තේ කල්‍යානේ’ යන කළණ මිතුරන් ඇසුරු කරන්න යන තේමාව මුල්කර ගනිමින් මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සැලසුම් කොට ඇති බවත්, ඒ සඳහා සියලු කටයුතු සුදානම් කෙරෙමින් පවතින බවත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසීය.
නුවරඑළියේදී පැවැත්වෙන මෙවර ජාතික වෙසක් උත්සවය නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සහ නුවරඑළිය නගර ශාලාව කේන්ද්‍ර කර ගනිමින් ප්‍රධාන උත්සවය පැවැත්වෙන බවත්, මුළු නුවරඑළිය දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි ආමිස සහ ප්‍රතිපත්ති පූජාවලට මුල් තැන දෙමින් ජාතික වෙසක් උත්සවය පැවැත්වීමට සැලසුම් කොට ඇති බවද තෙන්නකෝන් මහත්මිය පැවසුවාය.
ශාන් හුලංනුගේ/හැටන් - රංජිත් රාජපක්ෂ
Reply To:
Name - Reply Comment
0 Comments