Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ස්වසන අපහසුතා ඇති රෝගීන්ගේ ස්වසන පහසුව සඳහා භාවිතා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය (HEATED HUMIDIFIED OXYGEN THERAPY) ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන්නේය.

කොවිඩ් 19 වසංගතය හමුවේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, නවෝත්පාදන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර තානාපතිවරයෙකු වන විද්‍යාජෝති ආචාර්ය බන්දුල විජේ මහතාගේ සංකල්පයක් අනුව මහාචාර්ය රනිල් ද සිල්වා සහ වෛද්‍ය තිලංක රත්නපාල මහතා ඇතුළු ප්‍රවීණ වෛද්‍ය කණ්ඩායමකගේ දායකත්වයෙන් උපකරණ කට්ටලය නිර්මාණය කර තිබේ.

පූර්ණ ආර්ධතාව සහිත අධි ධාරිතාවයකින් පාලන උෂ්ණත්ව ඔක්සිජන් වායුව ශ්වසන අපහසුතා ඇති රෝගීන්ට ලබාදීම මෙම උපකරණය මගින් සිදු කෙරේ.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මගපෙන්වීමෙන් ගුවන් හමුදා අණ දෙන නිලධාරී ගෘප් කැප්ටන් ප්‍රසන්න මාටිනෝ මහතාගේ අධීක්ෂණය යටතේ ගුවන් හමුදා ඉංජිනේරු බලකායේ ගුවන් යානා නඩත්තු ඒකකය නිෂ්පාදන කටයුතු සිදු කළේය.

සීමාවන්, ආරක්ෂිත අංග සහ කාර්ය සාධන ප්‍රමිතීන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත් කරන ලද අතර, විදුලි ආරක්ෂණ ප්‍රමිති අනුකූලතාව  මොරටුව විශ්ව විද්‍යාලය විසින් සනාථ කර තිබේ.

උපකරණයේ නිෂ්පාදන කටයුතු සඳහා ලක්ෂ 15ක මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තුගත කර තිබුණ ද ලක්ෂ 03 ක් වැනි අඩු මුදලකින් නිෂ්පාදන කටයුතු නිම කිරීම විශේෂත්වයකි.

දැනට උපකරණ කට්ටල 50 ක් නිෂ්පාදනයට සැලසුම් කර ඇති අතර සෞඛ්‍ය අංශවල අවශ්‍යතාව අනුව අඛණ්ඩව නිෂ්පාදන කටයුතු සිදු කෙරේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.