Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට යලි ත්‍රිපෝෂ නිෂ්පාදනයට කොන්දේසි සහිතව සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරය

ත්‍රිපෝෂ වෙනුවට සහල් වලින් නව පෝෂ්‍යදායි නිෂ්පාදනයකට ලංකා ත්‍රිපෝෂ සමාගමේ අවධානය.

තවකාලිකව නවතා ඇති වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය, යලි ආරම්භ කිරීම සඳහා අවසර ලබා දීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය හමුවේ පැවසුවේය.

ඒ අනුව නිශ්චිත කාල සීමාවකට, දිවයිනේ පෝෂණ අවශ්‍යතා හඳුනාගත් දරුවන් උදෙසා ලබාදීම සඳහා මෙලෙස කොන්දේසි සහිතව ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවසර ලබාදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

මේ පිළිබඳ කරුණු සාකච්ජා කෙරුණේ ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ සභාපතිත්වයෙන් පසුගියදා (22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

නියමිත ප්‍රමාණය ඉක්මවා ත්‍රිපෝෂ වල ඇෆ්ලටෝක්සින් ප්‍රමාණය අධික වීම හේතුවෙන් වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව නවතා දැමීමට කටයුතු කල බව සෞඛ්‍ය අංශ නිලධාරීහු මෙහිදී පැවසූහ. ඒ එම වයස් ඛණ්ඩයේ දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ වල ඇෆ්ලටෝක්සින් අගය 1කට වඩා අඩුවිය යුතු වුවත් එම අගය ඉක්මවා ගොස් තිබු නිෂ්පාදන හේතුවෙන් එම තීරණය ගනු ලැබූ බව එම නිලධාරීහු කරුණු දක්වමින් පැවසූහ. කෙසේ වෙතත් පෝෂණ අවශ්‍යතා සහිත දරුවන්ට මෙම ත්‍රිපෝෂ ලබාදීම අවශ්‍ය බැවින් වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ වල ඇෆ්ලටෝක්සින් අගය 5 දක්වා, එලෙස කොන්දේසි සහිතව ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබාදී  තිබේ.

මේ අතර ත්‍රිපෝෂ වෙනුවට සහල් වලින් වෙනත් පෝෂණ ආහාරයක් නිෂ්පාදනය කිරීමට තම සමාගම සුදානම් බව ලංකා ත්‍රිපෝෂ සමාගමේ නිලධාරීහු පැවැසුහ. එම නිෂ්පාදනය සිදුකිරීම සඳහා ඇඹරුම් යන්ත්‍රයක් අවශ්‍ය බවත් එය රුපියල් මිලියන 400ක් පමණ වන බවත් එම නිලධාරීහු සංසදය හමුවේ පැවසූහ. කෙසේ වෙතත් එම මුදලින් අඩක් හෝ මෙරට රජයෙන් ලබාදෙන්නේනම් ලෝක අහාර වැඩසටහන මගින් ඉතුරු මුදල ලාබ දීමට සුදානම් බව දන්වා ඇති බව ලංකා ත්‍රිපෝෂ සමගමේ නිලධාරීහු පැවසූහ. ඒ අනුව මේ කරුණ සම්බන්ධයෙන් තවදුරටත් අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කිරීමට කටයුතු කරන බව සංසදයේ සභාපතිවරිය පැවසුවාය.

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ගුණාත්මක බැවින් ඉහළ බඩඉරිගු වගා කිරීමේ අවශ්‍යතාවය හා  ත්‍රිපෝෂ නිෂ්පදන අවස්ථාව තෙක් එම ගුණාත්මක බව රැකගැනීම සඳහා කලයුතු කාර්යයන් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජා කෙරිණි.

මේ අවස්ථාව සඳහා සෞඛ්‍ය අමත්‍යාංශයේ හා ලංකා ත්‍රිපෝෂ සමාගමේ නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.