Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ‍වෙනස්කම්  සිදු කරන විට නවීන තාක්ෂණික දැනුම දරුවන්ට ලබාදීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත්, විශේෂයෙන්ම නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ජාන තාක්ෂණය, කෘතිම බුද්ධිය වැනි විෂය ධාරාවන් ඉතා කෙටි කාලයක් තුළ අධ්‍යාපන පද්ධතියට හඳුන්වාදීමේ අභියෝගයට කෙසේ හෝ මුහුණ  දිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.

කවර බාධක පැමිණියත් අනාගත වැඩලෝකයට අපේ දරුවන් සූදානම් කිරීම අතපසු කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය. ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයට සිය වසක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එහි පැවති සමරු උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පාසල්වල 8 වැනි ශ්‍රේණියෙන් ඉහළ එනම් 8,9,10, 11, 12, සහ 13 ශ්‍රේණිවල තොරතුරු තාක්ෂණ විෂය මාලාව සංශෝධනය කිරීමට මේ වන විට කටයුතු යොදා ඇති බවත් එහි නියමු ව්‍යාපෘතිය එළඹෙන මාර්තු 19 වන දා පාසල් 17 ක් සම්බන්ධ කරගනිමින් ආරම්භ කරන බවත් තොරතුරු තාක්ෂණ විෂය ධාරාව සමග කෘතිම බුද්ධිය (Artificial Intelligence)  හඳුන්වාදෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග Microsoft ආයතනය එක්ව සිටින බවත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විෂය දැනුම මෙරට දරුවන්ට ලබා දීමට ඒ අනුව හැකිවන බවත් , සුහුරු පුවරු සහිත ඩිජිටල් පන්ති ඇසුරින් පාසල් අතර විෂය දැනුම හුවමාරුවට දරුවන්ට අවස්ථා සලසා දීමට  ද එමගින් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය ද ‍නව තාක්ෂණය සමග තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ද,   මේ වනවිටත් ජාත්‍යන්තරය සමග එක්වෙමින් පර්යේෂණ, පශ්චාත් උපාධි ඇතුළු ඉගෙනුම් අවස්ථා සිසුන්ට අත්පත් කර ගත හැකි අයුරින් පුළුල් කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළ අමාත්‍යවරයා, සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය නව තාක්ෂණය සමඟ එක් කළ යුතු බවද අවධාරණය කළේය.

එමෙන්ම මෙරට සියලු‍ ගුරුවරුන්ට ද නවීන තාක්ෂණය සමග බද්ධ වෙමින් පන්ති කාමරය තුළ පාඩම් සැලසුම් කර ගැනීමට ඉදිරියේ දී සිදුවන බව  පෙන්වා දුන් අමාත්‍යවරයා ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් ගුරුවරුන් පුහුණු කිරීමට කලාප මට්ටමින් මධ්‍යස්ථාන සියයක් පිහිටුවීමට දැනටමත් කටයුතු යොදා ඇති බව ද පැවසී ය.

මේ වන විටත් එම මධ්‍යස්ථාන 85 ක් ඩිජිටල්කරණයට ලක් කර ඇති බවද ඉදිරි මාස තුන ඇතුළත ඉතිරි මධ්‍යස්ථාන සියල්ල  ඩිජිටල් කරණයට ලක් කරන බව ද  පැවසූ අමාත්‍යවරයා, මානව සම්පත් සහ භෞතික සම්පත් පවතින ප්‍රමාණයෙන් කළමනාකරණය කර ගනිමින් පාසල් පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යාමට විදුහල්පතිවරුන්ගේ නායකත්ව සහ කළමනාකරණ හැකියාවන් අත්‍යවශ්‍ය වන බව වැඩිදුරටත් සඳහන් කළේය. ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ සියවස් සැමරුම නිමිත්තෙන් මුල් දින කවරයක් සහ සමරු මුද්දරයක් නිකුත් කිරීමද මෙහිදී සිදුවිය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.