Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දරණාගම මහා විද්‍යාලයේ  උසස් පෙළ හදාරන  සිසුන් සදහා අභිනවයෙන් ඉදි කරන ලද තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීම ඉකුත්දා උත්සවාකාරයෙන් සිදු කරන ලදී. 

විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය මගින් රුපියල් ලක්ෂ 200 ක පමණ මුදලක් වැයකොට  එම තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල ඉදි කළ අතර එයින් රුපියල් ලක්ෂ 150 ක මුදලක් එම ආදී සිසු සංගමයේ ප්‍රධාන සංවිධායක  ,  ටස්මා සමුහ ආයතනයේ අධිපති නිමල් සුබසිංහ කාරියප්පෙරුම මහතා විසින් දැරීය.  

මෙම  තෙමහල් ගොඩනැගිල්ල ඉකුත් 1977 වසරේ සිට 1996 වසර දක්වා කාලය තුල එම විද්‍යාලයට ස්වර්ණමය යුගයක් උදා කළ හිටපු  විදුහල්පති පී.ඒ. සෝමපාල මහතාගේ නමින් එම තෙමහල් ගොඩනැගිල්ල  නම් කර සිසු අයිතියට පවරා දීම මෙහි තවත් විශේෂත්වයෙකි. 
 
මෙහිදී ආදී ශිෂ්‍ය සංගමයේ ආරාධනයෙන් පැමිණි හිටපු විදුහල්පති පී.ඒ. සෝමපාල මහතා දරණාගම ප්‍රාථමික විද්‍යාලය අසල සිට   විද්‍යාලයීය තුර්ය වාදක කණ්ඩායම පෙරටු කර ගත් දර්ශනීය පෙරහරකින් විද්‍යාලයීය භුමිය වෙත කැඳවා ගෙන එන ලදී. 

ඉන් අනතුරුව ගරුතර සංඝරත්නය විසින් හිටපු විදුහල්පති පී ඒ. සෝමපාල මහතාට සෙත් පිරිත් දේශනාවක් පවත්වා සෙත් පැතුහ. 

ඉන්පසුව හිටපු විදුහල්පති පී ඒ. සෝමපාල මහතා විසින් නව තෙමහල් ගොඩනැගිල්ලේ සමරු ඵලකය නිරාවරණය කොට පීත්ත පටියක් කපා එය සිසු අයිතියට පවරා දුන්නේය. 

මෙම  උත්සවයේදී  හිටපු විදුහල්පති පී ඒ සෝමපාල මහතා ඇතුළු එවකට සීටි ගුරු භවතුන්ට ද උපහාර සමරු තිළිණ පිරිනැමු අතර සිසුන්ගේ නැටුම්  , ගැයුම් හා වැයුම් වලින් එම උළෙල  තවත් හැඩගැන්වීණි. 

මේ නිමිත්තෙන් පැවති උත්සව සභාව අමතා කතා කළ හිටපු විදුහල්පති පී ඒ. සෝමපාල මහතා සදහන් කෙළේ   මා පාසලේ සිටි කාලයේ ඉගෙන ගත්  දරුවන් අද හොඳ පුරවැසියන් බවට පත් වී සිටිනවා. එය මට දැක ගැනීමට ලැබීම ගැන මා සතුටු වෙන බවය. 

සියඹලාපේ ශ්‍රී නාගවනාරාමාධිපති ශාස්ත්‍රපති පරගම්මන අමරකිත්ති හිමියෝද වත්මන්  විදුහල්පතිනි සුරනි කුලරත්න මහත්මිය ද ආදී ශිෂ්‍ය සංගමයේ උප සභාපති  , බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු  සභාපති ආනන්ද ගනේපොල  , ලේකම් උදයසිරි කොරතොට  , හිටපු ග්‍රාමීය විවසායසංවර්ධන රාජ්‍ය ඇමැති පුසන්න රණවීර  , හිටපු විදුහල්පතිනි ජෝ. පෙරේරා හා හිටපු ආචාර්ය කරුණාරත්න අමරසිංහ  යන මහත්වරුන් ඇතුළු ආදී ශිෂ්‍ය සංගමයේ කීප දෙනෙක්ම ද කතා කළහ. 

මේ අවස්ථාවට මාවරමණ්ඩිය ශ්‍රී සුදර්ශනාරාමාධීකාරී ශාස්ත්‍රපති පොතානේගම සුමනරතන හිමියෝ ද හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජෝර්ජ් පෙරේරා මහතා ඇතුළු  ප්‍රදේශයේ පාසල්වල විදුහල්පතිවරුන් හා ආරාධිතයින් රැසක්ම  සහභාගි වුහ. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.