දරුවන් අතරත් චිකන්ගුන්‍යා හා ඩෙංගු ඉහළට

2025 ජුනි මස 14 ප.ව. 11:45 - {{hitsCtrl.values.hits}}  

දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා, චිකුන්ගුන්යා සහ ඩෙංගු සීග්‍රයෙන් වර්ධනය විය හැකි අවදානමක් පවතින බැවින් එය වළක්වා ගැනීම සඳහා අවධානය යොමු කරන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කළේය.

ඔහු පෙන්වා දුන්නේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු සහ චිකුන්ගුන්‍යා රෝගය වැඩි වීමක් දක්නට ලැබෙන බවත්  ළමා රෝහල තුළ ඩෙංගු සහ චිකුන්ගන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් ඇතුළත් කර ඇති බවත්ය.

එසේම ගර්භිණී කාන්තාවන්ට , වයස්ගත සහ නිදන්ගත රෝග පවතින අයට චිකුන්ගුන්යා වැලඳුණ හොත් එය අසාධ්‍ය විය හැකි බවත් ගර්භිණී මව්වරුන් විසින් ප්‍රසූත කරනු ලබන දරුවාටද මෙම තත්ත්වය බලපෑ හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...