දරුවන්ට ශාරීරික දඩුවම් පැමිණවීම තහනම් කිරීමට නව නීතියක්
- 2024-04-30 20:02:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සියලුම ක්ෂේත්‍රවල ශාරීරික දඩුවම් පැනවීම තහනම් කිරීම සඳහා වන විටිවිධාන ඇතුළත් කරමින් දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
හොඳම දේ ලබා දිය යුත්තේ දරුවන්ට නම් නරකම දේ ලබා දීම ද වැළක්විය යුතුය යන්න පිළිබඳව ,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබෙන බවත් ඒ අනුව සියලුම ක්ෂේත්‍රවල ශාරීරික දඩුවම් පැනවීම තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, මෙරට ළමා අයිතිවාසිකම් අන්තර්ජාතිකව පිළිගන්නා ආකාරයට සකස් කර උසස් දියුණු සදාචාර සම්පන්න සමාජයකට තිබිය යුතු ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා සියලුම ක්ෂේත්‍ර වල ශාරීරික දඬුවම් පැමිණවීම තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව හෙතෙම සඳහන් කළේය.
මෑත කාලයේ දී මාධ්‍ය ඔස්සේ ද බොහෝ විට දරුවන්ට සිදු කරනු ලැබූ අමානුෂික විවිධ පහර දීම් සම්බන්ධව ප්‍රචාරය වීම් ද නිරන්තරයෙන් දක්නට ලැබුණු බවත්, දරුවන්ට මින්පසු කිසිඳු ආකරයක ශාරීරික මානසික දඬුවම් පැමිණවීම වැලැක්වීමට අදාළ වන පරිද්දෙන් දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධි විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව හෙතෙම මෙහි දී ප්‍රකාශ කළේය.
ශරීරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය අදට (30) දී තිබේ. මිට සමගාමිව දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම කැබිනට් මණ්ඩලය අනුමත කිරීමත් සමඟ මෙරට සෑම දරුවෙකුගේම අයිතීන් සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීමට රජයේ කැපවීම මඟීන් දරුවන්ට අවශ්‍ය නීතිමය ආරක්ෂාව ද සැලසේ.
ඒ අනුව, වැඩිහිටියන් විසින් ගුරු දෙගුරුන් විසින් හෝ ශාරීරිකව හූ මානසිකව කිසිඳු දඩුවමක් කිරීම නිතිය අනුව වරදකට වැරදිකරුවන වෙන ආකාරයට මෙම පනත සංශෝධනය වෙන බව අමාත්‍යවරය මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments