දළඳා වන්දනාවට වැසූ පාසල් 24ක් හෙට විවෘත කරයි
- 2025-04-28 15:38:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් සහභාගී වූ ආරක්ෂක අංශ සහ මහජනතාව වෙනුවෙන් පහසුකම් ලබා දුන් පාසල් 37ක්, නැවත හෙට (29) දින ආරම්භ කිරීම සඳහා පවිත්‍ර කිරීම් අද දිනයේ සිදු කෙරිණි.
ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහා මහජනතාව වෙනුවෙන් පහසුකම් ලබාදීම සදහා මහනුවර අධ්‍යාපන කලාපයේ සහ දෙනුවර, වත්තේගම අධ්‍යාපන කලාප වල පාසල් 61 ක් වසා දැමුණු අතර එයින් අද (28) දින පාසල් 24 ක් විවෘත කිරීම සිදු කෙරිණි.
එමෙන්ම බැතිමතුන් සඳහා ශ්‍රී දළදා මාලිගාව වෙත ප්‍රවිශ්ඨ වීම සඳහා ඩී.එස්. සේනානායක වීදීයේ සහ සංඝරාජ මාවතේ ( වැවු රවුම) සකස් කර තිබූ තාවකාලික රැඳවුම් සහ තාවකාලික වැසිකිළ ජල සැපයුම් මහනුවර මහ නගර සභාව විසින් ඉවත් කිරීම ද සිදු විණි.
අද දිනයේ ද මහනුවර නගරයේ ‘ක්ලීන් කැන්ඩි’ ශ්‍රමදානය ක්‍රියාත්මක වූ එසේ ශ්‍රමදාන සඳහා සහභාගී වු පිරිස් සඳහා දන්සැල් කිහිපයක් ද ක්‍රියාක්මක විණි.
දුම්බර ප්‍රදීප්
Reply To:
Name - Reply Comment
0 Comments