ද්විත්ව මුඛ ආවරණ ආරක්ෂාව වැඩි කරනවලු
- 2021-02-12 09:58:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ද්විත්ව මුඛ ආවරණ භාවිතයෙන් කොවිඩ්-19 වෛරසයට එරෙහි ආරක්ෂාව සැලකිය යුතු ලෙස වැඩි දියුණු කළ හැකි බව එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) නව නිර්දේශ ඉදිරිපත් කරමින් පවසයි.
ඔබ පලඳින මුඛ ආවරණය මගින් වෛරසයෙන් ඔබේ ආරක්ෂාව වැඩි දියුණු කරගන්නා ආකාරය පිළිබඳ ජනතාව දැනුවත් කරමින් ඔවුන් ද්විත්ව මුඛ ආවරණ භාවිතය ගැනද විශේෂයෙන් සඳහන් කර තිබේ.
ඔවුන් පවසන්නේ ඉවත දැමිය හැකි මුඛ ආවරණයක් (ශල්‍ය මුඛ ආවරණයක් වැනි) උඩින් රෙදි මුඛ ආවරණයක් පැලඳීම යෝග්‍ය බවයි. එවිට එය ද්විත්ව මුඛ ආවරණ පැලඳීමකි. කෙසේ වෙතත් රෙදි මුඛ ආවරණයද ස්ථර තුනකින් යුතු මුඛ ආවරණයක් වීම ඔවුන් දිරිමත් කරයි.
මේ ආකාරයෙන් ඉවත දැමිය හැකි ශල්‍ය මුඛ ආවරණයක් වැනි වෛද්‍ය පටිපාටික මුඛ මුහුණකට ඉහළින් රෙදි මුඛ ආවරණයක්ද දැමීමෙන් වෛරසය බෝවන අංශු 92.5% ක්ම කාන්දු වීමෙන් වළක්වා ගත හැකි බව පර්යේෂකයන් සොයාගෙන තිබේ.
එසේම මුඛ ආවරණයේ පැලඳීමේදී නාසයට උඩින් කම්බියක් ඇති මුඛ ආවරණයක් පැලඳීමද දිරිමත් කරන ඔවුන්, ලිහිල් මුඛ ආවරණවල හැඩැස්වලින් වාතය කාන්දුවීම වැලැක්විය යුතු බව අවධාරණය කරයි. ඒ ආකාරයෙන් මුඛ ආවරණයක් පැලඳි විට ඊට උඩින් හෝ යටින් හෝ දෙපසින් කිසිදු ආකාරයකින් වාතාශ්‍රය කාන්දු නොවන බව සැකහැර දැනගන්නා ලෙසද ඔවුන් පවසයි. මීට අමතරව හුස්ම ගැනීමේ කපාට ඇති හෝ හැඩැස් ඇති මුඛ ආවරණ නොපලඳින ලෙසද ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.
නරේන් විශ්වජිත්
Reply To:
Name - Reply Comment
0 Comments