දැලක පැටලුණ තල්මසා සොයයි
- 2022-07-31 10:59:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රුසියානු වෙරළට ඔබ්බෙන් වූ ධීවර දැලක පැටලී සිටි දුර්ලභ දුනු හිස තල්මසෙකු බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායමක් උත්සාහ කරමින් සිටින බව රුසියාවේ ලෝක වනජීවී අරමුදල (WWF) පවසයි.
එම ප්‍රකාශය අනුව රුසියානු රතු දත්ත පොතට ඇතුළත් දුර්ලභ සහ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සතුන් විශේෂයකට අයත් මෙම තල්මසා වෙරළ ආසන්නයේ දේශීය ධීවරයින් විසින් අටවා තිබූ දැලකට පැටලී ඇති අතර, පසුව දැල සමග ගමන් කරමින් සිටින බව කියයි.
අනතුරට ලක් වූ මෙම තල්මසා ප්‍රථම වරට දැක ඇත්තේ සංචාරකයින් සමඟ මුහුදු ගමනක යෙදුණු දේශීය මාර්ගෝපදේශකයන් පරිසකි. WWF විශේෂඥයින්, ජීව විද්‍යාඥයින් සහ වෘත්තීය සත්ව ගලවා ගන්නන් ඉක්මනින්ම ගලවා ගැනීමේ කණ්ඩායමක් සූදානම් කර ඇති අතර, එයට මාර්ගෝපදේශකයින් සහ දේශීය ධීවරයින්ගේ සහායද ලැබී තිබේ. තල්මසා ඉක්මනින්ම සොයා ගත් නමුත්, අරමුදලට අනුව, ගලවා ගැනීමේ කණ්ඩායම්වලට තවමත් ඌ වෙත සමීප වීමට සත්ත්වයා ඉඩදී නොමැත.
Reply To:
Name - Reply Comment
0 Comments