Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අභිනව අධ්‍යාපන ලේකම් ධුරයට වසන්තා පෙරේරා මහත්මිය පත් ව සිටින අතර නව වසරේ සමාරම්භය ද සනිටුහන් කරමින් ඇය ඊයේ (01දා) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළා ය.

 මෙයට පෙර ඇය අධිකරණ, විදුලිබල හා බලශක්ති, සෞඛ්‍ය, සහ වෘත්තීය පුහුණු, අමාත්‍යාංශයන්හි  ලේකම් ධූරයේ කටයුතු කර ඇති අතර, ශ්‍රී ලංකාවේ මුදල්, ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශවල ප්‍රධාන නායකත්ව තනතුරුවල ද සේවය කර ඇත. එමෙන්ම ඇය ශ්‍රී ලංකා තානාපති සේවයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක ලෙස කටයුතු කර තිබේ.

  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධාරියෙකු වන වසන්තා පෙරේරා මහත්මිය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික සංවර්ධන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ලබා ඇත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.