Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නාථගනේ ස්තූපය හා පුරාවිද්‍යාත්මක නටබුන් සහිත ප්‍රදේශයේ කැනීම් කටයුතු මේවන විට සිදු කර අවසන් බවත්, මෙම පුරාවිද්‍යාත්මක ස්ථානය ඉදිරි පරම්පරාවන් වෙත ද දායාද කිරීමට ආරක්ෂා කරන ලෙස ජනතාවගෙන් ද ඉල්ලා සිටින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

වෙසක් උළෙලට සමගාමීව මෙම පුරාවිද්‍යාත්මක ස්ථාන ජනතාව වෙත වැඳුම් පිඳුම් කිරීමට කඩිනමින් කැණීම් කටයුතු අවසන් කළ බව ද ස්ථානය පිළිබඳව නිරීක්ෂණය කිරීමට පැමිණි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.

කුරුණැගල සිට පුත්තලම් ප්‍රධාන මාර්ගයේ 9 Km ක් පමණ දුර ගමන් කර හමුවන මහකෙළිය මංසන්දියෙන් වමට හැරී 02 Km ක් පමණ ගමන් කළ විට වල්පොල හමුවේ. එයින් ද වමට හැරී 01 Km ක් දුර ගමන් කර නාථගනේ පුරාණ විහාරය ආශ්‍රිත නටබුන් පරිශ්‍රයට ලඟා විය හැකිය.

ජනප්‍රවාදයට අනුව නාථගනේ කන්ද ආශ්‍රිතව පිහිටා ඇත්තේ මුණ්ඩකොණ්ඩපොල රාජධානියයි. එසේම මෙම ශේෂ කන්ද ආශ්‍රිතව කටාරම් සහිත ගල් ගුහා රාශියක් සහ මෙම ගුහා ආශ්‍රිතව අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් මූල බ්‍රාහ්මීය ලිපි හතරක් ද සොයාගෙන තිබේ.

කන්ද පාමුල අනුරාධපුර යුගයේ අවසාන භාගයට අයත් ගඩොළුමය ස්තූපයක්, පොකුණක් සහ ගල් කණු සහිත ගඩොළුමය ස්මාර්කයන් හි නෂ්ටාවශේෂයන් දක්නට ලැබෙන අතර මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මෙම පුරාවිද්‍යා පරිශ්‍රයේ ඇති ස්තූපය කැනීම් කර සංරක්‍ෂණය කෙරිණි.

මෙම අවස්ථාවට ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමීණි රණසිංහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මිහු සහ නිලධාරිහු පිරිසක් එක්වුහ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.