නිව්යෝක්හි පැවැත්වෙන අධ්‍යාපන පරිවර්තන සමුළුවට අධ්‍යාපන ඇමති එක්වෙයි
- 2022-09-20 13:44:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එක්සත් ජාතීන්ගේ 77 වන මහා සමුළුවට සමගාමීව එක්සත් ජනපදයේ නිව්යෝක්හි පැවැත්වෙන අධ්‍යාපන පරිවර්තන සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ම එක්විය. ලොවපුරා ඇතිවී ඇති ගෝලීය අධ්‍යාපන අර්බුදයට විසඳුම් සෙවීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණයි. රාජ්‍ය නායකයින්, ලොවපුරා රටවල් රැසක අධ්‍යාපන අමාත්‍යවරුන් මෙම සමුළුව සඳහා සහභාගී විය.
තවද, අධ්‍යාපනය සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය පහසුකම ( IFFEd ) එළිදැක්වීම ද මෙහිදී සිදුවිය. කොවිඩ් 19 වසංගතයේ බලපෑමෙන් සහ ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ පීඩා විඳින රටවල්වල අධ්‍යාපනය නගාසිටුවීම සඳහා මූල්‍ය පහසුකම් ලබා දීම මෙමගින් සිදු කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කළ කරුණු දැක්වීම සමඟ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ද ඉදිරියේදී මෙම මූල්‍ය පහසුකම ලැබෙනු ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments