Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාසල් දරුවන් තිස් පන්දහසක පමණ පිරිසක් පසුගිය වසර දෙක තුළ ජනාධිපති මන්දිරය, පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පිහිටි ජනාධිපති කාර්යාලය, වරාය නගරය, මහබැංකුව, පාර්ලිමේන්තුව, නෙළුම් කුළුණ ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් සහිත ස්ථාන නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබේ.

මෙවන් විශාල සිසු පිරිසකට මෙම වටිනා අවස්ථාව හිමි වුයේ ඉතිහාසයේ පළමු වරට වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ කාර්යාලයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික තරුණසේවා සභාව ද අත්වැල් බැඳ ගනු ලැබීය.

මෙම ක්ෂේත්‍ර චාරිකාව තුළදී සිසු දරුවන්ට ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ විවිධ කඩඉම් ඇතුලු ඓතිහාසික තොරතුරු ඇතුළත් වාර්තා මෙන්ම සුවිශේෂී මතක සටහන් දැක බලාගැනීමට අවස්ථාව උදාවූ අතර ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා සමඟ මෙන්ම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා සමඟ ද නිරතුරුව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව හිමි විය.

කොළඹින් දුර බැහැර දුෂ්කර පළාත්වල පාසල්වල සිසුන් ඇතුළු දිවයින පුරා පාසල් 160කට අධික සංඛ්‍යාවක සිසුන් මේ වන විට මෙම ක්ෂේත්‍ර චාරිකාව සඳහා එක්ව තිබෙන අතර වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මකය.

එසේම ජනාධිපති කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තුව පවත්වාගෙන ගිය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ජනාධිපතිවරයාගේ ආරාධනය පරිදි මේ වන විට පාසල් රැසක ශිෂ්‍ය පාර්ලිමේන්තු සහ යොවුන් පාර්ලිමේන්තු සැසි ගණනාවක් පවත්වා තිබෙන අතර රාජ්‍ය පාලන යාන්ත්‍රණය පිළිබඳ දරුවන්ට අවබෝධයක් ලබා දෙමින් ඔවුන්ගේ නායකත්ව ගුණාංග ඉහළ නැංවීම එහි අරමුණයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙන්ම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු එම සැසිවාර සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙන්ම මැති ඇමතිවරුන් ද, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද එක්වු අතර ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය, පාර්ලිමේන්තුව හා පුරවැසියා අතර සම්න්ධතාව, පරිපාලනය හා කාර්යභාරය යන තේමාවන් යටතේ එහිදී සිසු දරුවන් දැනුවත් කිරීමේ දේශනද පැවැත්විණි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.