Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අභියෝග භාර ගැනීමට සූදානම් අනාගත සිසු පරපුරක් බිහි කිරීමේ ගුරු භූමිකාව සතු වත්මන් කාර්යභාරය ඉටු කිරීම සඳහා සන්ධාන භාෂාව වශයෙන් අත්‍යවශ්‍ය වන්නා වූ ඉංග්‍රීසි භාෂාව පළමු ශ්‍රේණියේ සියලු දරුවන්ට භාවිතයෙන් ඇරඹීම අදින් ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

 පෙර දැනුම මත අඛණ්ඩ ව යැපීමට කිසි දු වෘත්තිකයකුට නොහැකි බවත් යාවත්කාලීන දැනුම ඔස්සේ හෙට වෙන දේ අද දැනගැනීම මගින් මෙරට ඉදිරි වෘත්තීය ක්ෂේත්‍රයට සරිලන අධ්‍යාපනයක් ලබා දීමේ දී සන්ධාන භාෂාව වශයෙන් ඉතා වැදගත් වන්නා වූ ඉංග්‍රීසි භාෂාව පන්ති කාමරය තුළ සිසුන්ට සිය මුල් ම පාසල් දිනයේ සිට සබකෝලයකින් හා චකිතයකින් තොර ව හැසරවීමේ ප්‍රායෝගික කථන පුහුණුවක් ලබා දීම සිය අපේක්ෂාව බවත් ඊට අවශ්‍ය ප්‍රාථමික ගුරුවරුන් 13,800ක් පමණ මේ වන විට‍ පුහුණු කර අවසන් බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

පාසල් කිහිපයක හැරුණු විට ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය 1962 වර්ෂයෙන් පසු මෙරට නොපැවති අතර 2000 වර්ෂයේ දී යම් ප්‍රමාණයකට උසස් පෙළ විෂය ධාරාවන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම ආරම්භ කළ බවත් මේ වන විට 6 ශ්‍රේණියෙන් ඉහළ පාසල් 550කට වැඩි ප්‍රමාණයක දරුවන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් විද්‍යා මෙන් ම වාණිජ, කලා විෂයන් සඳහා ද පෙනී සිටින බවත් ඇමතිවරයා පැවසී ය.

එමෙන් ම මෙරට ජාත්‍යන්තර පාසල්වල දෙස් විදෙස් දරුවන් මුල සිට ම ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබන බවත් අනාගත දෙස් විදෙස් රැකියා ක්ෂේත්‍රය වැඩි වශයෙන් ම විවෘත වන්නේ ඔවුන් සඳහා බවත් පැවසූ අමාත්‍යවරයා එම පරතරය නැති කිරීමට රජයේ පාසල්වල ඉංග්‍රීසි භාෂා මාධ්‍ය අධ්‍යාපනය ප්‍රායෝගික ව ව්‍යාප්ත කරන බවත් ඒ අනුව ලබන වසරේ දී දෙක ශ්‍රේණියටත් අනතුරු ව තුන වසරේ සිට උගන්වන අනිවාර්ය ඉංග්‍රීසි විෂය සමගත් මෙම වැඩසටහන එකාබද්ධ කරන බව ද පැවසී ය.

අමාත්‍යවරයා මේ තොරතුරු සඳහන් කළේ ගංගොඩවිල සමුද්‍රදේවී බාලිකා ප්‍රාථමික විද්‍යාලයේ අද පැවති 1 ශ්‍රේණියේ දරුවන් සඳහා ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් ඇරඹීමේ සමාරම්භක වැඩසටහනට එක් වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම වැඩසටහන මගින් 1-5 දක්වා වූ මූලික අධ්‍යාපනය මවුබසින් ලබා දිය යුතු ය, යන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා නීතිය උල්ලංඝනය කරමින් සිංහල භාෂාව නොසලකා හැරීමට කිසි දු අපේක්ෂාවක් නොමැති බවත් දෙමාපිය අපේක්ෂා මල් ඵල ගන්වමින් ඉදිරියට යන ලෝකයට විවෘත වීමේ අවකාශ දරුවන්ට උදා කර දීමට බලාපොරොත්තු වන බවත් ය.

එමගින් ගුරු-සිසු දෙපිරිසට ම එක් ව ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල නියැලෙමින් සතුටින් ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියෙහි නිරත වීමේ ප්‍රිය ජනක පරිසරයක් පන්ති කාමරය තුළ නිර්මාණය වනු ඇති බවත් ඔහු පැවසී ය. ඉදිරියේ දී මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වා දෙනු ලබන නව ස්ටීම් අධ්‍යාපන (STEAM- Science, Technology, Engineering, Arts, Mathematics) ක්‍රියාවලිය තුළින් ම ගණිතය පරිසරය වැනි විෂයන් ද මේ ආකාරයට ම ඉගැන්වීමේ සුහුරු ප්‍රියජනක ක්‍රමෝපායන් සොයා බැලීමට අධ්‍යාපනඥයන් උත්සුක විය යුතු බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

සූම් තාක්ෂණය හරහා අන්තර් පළාත් සම්බන්ධීකරණයෙන් ස්ටීම් අධ්‍යාපනයේ සමාරම්භක වැඩසටහන හෙට කොළඹ රාජකීය විද්‍යාලයේ දී පැවැත්වෙන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.