Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා ප්‍රාථමික පන්තිවල සිසුන්ගේ අධ්‍යාපන    කටයුතුවලට සිදු වූ බාධා සම්බන්ධයෙන් සොයා බලන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇති පරිදි නුපුහුණු ගුරුවරුන් ප්‍රාථමික ගුරුවරුන් වශයෙන් කටයුතු කිරීම ද ප්‍රාථමික අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පහළ යෑමට හේතු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ යුනිසෙෆ් සංවිධානය එක් ව ශ්‍රී ලංකාවේ ප්‍රාථමික දරුවන් මිලියන 1.6ක් වෙනුවෙන් කොවිඩ් සමයේ අහිමි වූ අධ්‍යාපන අවස්ථා ලබා දීමේ ජාතික වැඩසටහනට සහභාගී වෙමිනි.

නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමය තුළ ඉදිරියේ දී කිසි දු අවස්ථාවක නුපුහුණු ගුරුවරුන් ප්‍රාථමික අධ්‍යාපනයෙහි නොයොදවන බවත්,  දැනට පාසල්වල සිටින නුපුහුණු ප්‍රාථමික ගුරුවරුන් පුහුණු කරන බවත් පැවසූ අමාත්‍යවරයා මේ වන විට වර්ග පහකින් පමණ පවතින විවිධ පෙරපාසල්වල උගන්වනු ලබන පෙරපාසල් ගුරුවරයාගේ සිට ම ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ සියලු ගුරුවරුන්ගේ සුදුසුකම් හා පුහුණුවීම් සම්පූර්ණ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් වැඩපිළිවෙළක් දියත් කරන බව ද වැඩිදුරටත් පැවසී ය.

අධ්‍යාපන පද්ධතිය තුළ පවත්නා මානව හා භෞතික සම්පත් සහ ආයතන භාවිත කරමින් යුනිසෙෆ් ආයතනයේ ද සහාය ඇති ව අදාළ කෙටිකාලීන හා දිගුකාලීන් පුහුණු සැසි, වැඩමුළු ආදිය  පවත්වා ප්‍රමිතිගත රාමුවක් තුළ එම ක්‍රියාවලිය සිදු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

මෙහි දී ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා සිදු විය යුතු යාවත්කාලීනවීම් සිදු කිරීමට පියවර ගන්නා අතර මුලින් ම විධිමත් පාසල් වර්ගීකරණයකින් එය පටන්ගත යුතු බව ද හෙතෙම පැවසී ය. ඒ අනුව ප්‍රාථමික, කනිෂ්ඨ ද්විතීයක හා ජ්‍යෙෂ්ඨ ද්විතීයක වශයෙන් සියලු දෙනාට වැටහෙන පාරදෘශ්‍යභාවයකින් යුත් ජාත්‍යන්තර ප්‍රමිතියක් සහිත පාසල් වර්ගීකරණයක් තුළ ප්‍රාථමික ක්ෂේත්‍රයට අදාළ ගුරුමාරුවීම් ද එම ක්ෂේත්‍රයට අදාළ ව පමණක් ම කළ හැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා කී ය.

එමගින් ප්‍රාථමික අධ්‍යාපනය ලබන සිසුන්ට සමාන පුහුණු අවස්ථා සහිත ගුරුවරුන්ගෙන් ඉගෙන ගැනීමේ සම අවස්ථා හිමි වන අතර ගුරු ස්ථානගත කිරීමේ ක්‍රියාවලිය ද වඩාත් පහසු වන බවත් පැවසූ අමාත්‍යවරයා ඉදිරි 2024 වර්ෂයේ දී එම වසරට අදාළ සියලු විභාග පවත්වා අවසන් කිරීමට ක්‍රියා කරන බවත් මෙම සියලු අභියෝග ජයගැනීමේ දී ඒ පිළිබඳ අවශ්‍ය සමාජීය සහාය ලබාගැනීමට සමාජය දැනුම්වත් කිරීමේ වගකීම සඳහා මාධ්‍ය අනුග්‍රහය ද නිරතුරු අපේක්ෂා කරන බවත් පැවසී ය.

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.