Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දිවයිනේ ප්‍රාථමික පාසල්වල 1_5 ශ්‍රේණිවල  සිසුන්ට දැනට ක්‍රියාත්මක කරන දිවා ආහාර වේල සඳහා රුපියල්25 මුදලක් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

මෙම දිවා ආහාර පෝෂණ වැඩසටහන ක්‍රියාත්මක කරන්න සැපයුම්කරුවන් සඳහා එක් සිසුවෙකුගේ දිනක ආහාර වෙල සඳහා දැනට ගෙවනු ලබන මුදල රුපියල් 85 වන අතර එම මුදල ඉදිරියේදී  රුපියල් 110 දක්වා වැඩි කෙරේ.

දිවයිනේ අධ්‍යාපන කලාප කාර්යාල 100ට අයත් පාසල් 7902 ක සිසුන් මිලියන 1.08ක් ආවරණය පරිදි මෙම වැඩසටහන දැනට ක්‍රියාත්මක වෙයි.

දිවා ආහාර වැඩසටහන පවත්වා ගෙන යන සැපයුම්කරුවන් වෙනුවෙන් වර්තමාන භාණ්ඩ  මිල ඉහළ යෑම අනුව රුපියල් 85 ක දීමනාව ප්‍රමාණවත් නොවන බව සැපයුම්කරුවන් පෙන්වා දුන්නද ඒ කෙරෙහි රජයේ අවධානය යොමු නොවී තිබුණි.

මේ තත්ත්වය අනුව ඇතැම් කලාප කාර්යාල වල පෝෂණ වැඩසටහන පවත්වාගෙන ගිය සැපයුම්කරුවන් එයින් ඉවත් වී සිටි සිද්ධීන්ට වාර්තා විය .

සැපයුම්කරුවන්ට දරුවන්ට ආහාර ලබා දිය යුතු ආකාරය පිළිබඳ වට්ටෝරුවක් ලබා දී ඇති අතර එය විදුහල්පතිවරු සෑම දිනකම අධීක්ෂණය කළ යුතුවෙයි.

ඒ අනුව සෑම දිනකම වියළි කැකුළු හාල් ග්‍රෑම් 75ක් ද වෑංජන තුනක්, පරිප්පු හොද්දක්, මැල්ලුමක් ලබාදිය යුතුවේ.

සඳුදා සිට සිකුරාදා දක්වා දවස් පහට ඉහත ආහාර වේල සඳහා හාල්මැස්සං කරවල, මාළු ,වෙනත් කරවල වර්ගයක්, බිත්තර, සොයාමීට් යන එක් වර්ගයක්ද ලබා දිය යුතු වෙයි. මීට අමතරව දේශීය පලතුරක් ද මෙම ආහාර වේලට එකතු විය යුතුය.

වර්තමාන ආර්ථික තත්ත්වය අනුව රුපියල් 85 ක මිලට මෙම ආහාර වේලක් සකස්කර දීම දැඩි අපහසුතාවයක් පවතින බව සැපයුම්කරුවන් පෙන්වා දී තිබුණි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ආහාර වේල සම්බන්ධව සොයා බැලීම සඳහා පත් කළ කමිටුවේ නිර්දේශයට අනුව එක් ආහාර වේලක් සඳහා සැපයුම්කරුවන්ට රුපියල් 85 වෙනුවට රුපියල් 110 මුදලක් ගෙවීම සුදුසු බවට කැබිනට් මණ්ඩලයට නිර්දේශකර තිබුණි.

ඒ අනුව ඉදිරියේදී 2024 වර්ෂයේ පාසල පවත්වන දින 170ක් වෙනුවෙන් රුපියල් 110 බැගින් මෙම ආහාර වේල සපයා දෙන සැපයුම්කරුවන් වෙනුවෙන් ගෙවීම් සිදුකෙරේ. 

බලපිටිය/කමල් ශ්‍රී ලියනගේ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.