පාද හතරක කුකුලු පැටවෙක්
- 2022-08-16 23:22:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
යාපනය අච්චුවේලී කාලානෙයි ප්‍රදේශයේ පිහිටි කුකුලු ගොවිපලක කිකිලියකට පාද 4 ක කුකුලු පැටවෙකු ලැබී ඇතැයි එම ගොවිපලේ හිමිකාරිය පැවසුවාය.
කාලානෙයි ප්‍රදේශයේ පදිංචි මහාරාජා ගෞරි නැමැති කාන්තාව ජීවනෝපාය වශයෙන් කුකුලු ගොවිපලක් පවත්වාගෙන යන අතර එහි සිටි කිකිලයකට බිත්තර 6 ක් රැක්කවීමට තැබූ පසු උපත ලැබූ කුකුල් පැටවුන් 6 දෙනාගෙන් එක් කුකුල් පැටවෙකුට පාද 4 ක් ඇති බවට දැක ඇත.
අනතුරුව අදාල කුකුල් පැටවා ආරක්ෂාකාරීව පරික්ෂා කොට ඇති අතර කුකුල් පැටවා නිරෝගීව සිටීම හේතුවෙන් සෙසු පැටවුන් සමගම තැබීමට හිමිකාරිය විසින් පියවර ගනු ලැබුවාය.
කෙසේ වෙතත් පාද 4 කුකුල් පැටවා බැලීම සඳහා ප්‍රදේශවාසීන්ද පැමිණෙමින් සිටිති.
Reply To:
Name - Reply Comment
0 Comments