පාසල් දරුවන්ගේ අභ්‍යාස පොත් සඳහා වට්ටමක්
- 2023-11-03 05:43:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසැලේ විදුහල්පතිගේ නිර්දේශය මත පාසල් දරුවන් සදහා සියයට තිහක වට්ටමක් මත පාසල් අභ්‍යාස පොත් ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති නිමල් ධර්මරත්න මහතා පවසයි.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අදහසක් මත අභ්‍යාස පොත් අලෙවිය සදහා ලබා දෙන වට්ටම අවසාන පාරිභෝගිකයාටම ලබා දීමේ වැඩසටහන යටටත් මෙලෙස පාසල් දරුවන් සඳහා අභ්‍යාස පොත් අලෙවිය සිදු කිරීමට තීරණය කල බවද ඒ මහතා පවසයි.
ඒ අනුව පාසැලේ විදුහල්පතිවරයා ගේ නිර්දේශය සහිත ලිපියක් ලබා ගෙන පැමිණෙන නියෝජිතයෙකු සදහා මෙම වට්ටම ලබා දීමට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය අලෙවි ශාඛා මගින් ලබා ගැනීමට හැක.
වර්තමාන වෙළදපොලෙහි පවතින අභ්‍යාස පොත් සමග තරගකාරී ලෙස නිශ්පාදන කල මනා නිමාවකින් යුත් පිටකවරයක් සහ ජීඑස්එම් 60 කඩදාසියෙන් මෙම අභ්‍යාස පොත් නිමවා ඇති බවද ඒ මහතා පවසයි .
Reply To:
Name - Reply Comment
0 Comments