පාසල් පොත් පත් ගන්න දරුවන්ට දීමනාවක්
- 2024-12-03 18:09:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පාසල් ළමුන්ට දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව අස්වැසුම හිමි පවුල්වල ළමුන් සඳහා පාසල් ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම පිණිස එක් ළමයෙකුට රුපියල් 6,000/- ක දීමනාවක් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා ලබා දීමට තීරණය කර ඇත.
අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවන දෙමාපියන් අහිමි ළමුන්, මව හෝ පියා ආබාධිත පවුල්වල ළමුන්, ළමා නිවාසගත පාසල් වයසේ සිටින සියලුම ළමුන් සහ විශේෂ හේතු මත අසරණ භාවයට පත් වී ඇති කාණ්ඩ වලට අයත් ළමුන් සඳහා පාසල් ලිපිද්‍රව්‍ය ලබා ගැනීම පිණිස එක් ළමයෙකුට රුපියල් 6,000/- ක දීමනාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ලබා දීමට තීරණය කර ඇත.
ආර්ථික අර්බුදයෙන් ඇති වූ අහිතකර ප්‍රතිඵල හේතුවෙන් පාසල් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි සැලකිය යුතු සෘණාත්මක බලපෑමක් සිදුව ඇති බවත්, එය පාසල් ළමුන්ගේ 55%කගේ අධ්‍යාපනය කෙරෙහි අහිතකර ලෙස බලපා ඇති බවත් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබ ඇති සමීක්ෂණයක් මඟින් අනාවරණ වී ඇත.
මෙම ප්‍රතිශතය ග්‍රාමීය හා වතු ආශ්‍රිතව වඩාත් ඉහළ අගයක් ගන්නා බවත්, බලපෑමට ලක් වූ ළමුන් අතුරින් 53.2%ක් පාසල් ලිපිද්‍රව්‍ය මිල දී ගැනීම අවම කර හෝ මුළුමනින්ම නවතා ඇති බවත්, 26.1%ක් පෙර භාවිත කරන ලද පාසල් ලිපිද්‍රව්‍ය නැවත භාවිත කිරීමට යොමු වී ඇති බවත් අනාවරණ වී තිබේ. එබැවින්, පාසල් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි ඇති වී ඇති අහිතකර බලපෑම අවම කිරීමේ අරමුණින් 2025 වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර, පාසල් ලිපි ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා පාසල් ළමුන් සඳහා වූ දීමනාවක් ලබා දීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments