පාසල් වාර සටහන සංශෝධනය කරයි
- 2024-03-04 13:27:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අ.පො.ස.සාමාන්‍ය පෙළ ,5 ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාග දින නියමවීමත් සමග අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 2024 වර්ෂයේ පාසල් වාර සටහන සංශෝධනය කර තිබේ.
ඒ අනුව සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා මෙම වසරේ පෙබරවාරි මස 19 වනදා ආරම්භ වු පළමු පාසල් වාරයේ පළමු අදියර පෙර පරිදිම අප්‍රේල් මස 10 වනදා දක්වාද දෙවන අදියර පෙර පරිදිම අප්‍රේල් මස 24 වනදා සිට මැයි මස 03වනදා දක්වා ක්‍රියාත්මක වේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 06 දා සිට මැයි 15 දක්වා පැවැත්වීමෙන් පසු ආරම්භ වන පළමු පාසල් වාරයේ තෙවන අදියර මැයි මස 20 වනදා සිට මැයි මස 31 වනදා දක්වා පැවැත්වේ.
දෙවන පාසල් වාරය ජුනි මස 03 වනදා සිට අගෝස්තු මස 16 වනදා දක්වා ක්‍රියාත්මක වේ.
තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු මස 26 වනදා සිට නොවැම්බර් මස 22 වනදා දක්වා පැවැත්වෙන අතර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 දක්වා පැවැත්වීමෙන් පසු තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2025 වසරේ ජනවාරි මස 02 සිට එම මස 17 දක්වා පැවැත්වේ.
මුස්ලිම් පාසල් සඳහා මෙම වසරේ පෙබරවාරි 19 දින ආරම්භ වූ පළමු වාරයේ පළමු අදියර මාර්තු 07 දක්වාද,දෙවන අදියර අප්‍රේල් 17 සිට මැයි 03 දක්වාද ,තෙවන අදියර මැයි 20 සිට ජුනි 20 දක්වාද ක්‍රියාත්මක වේ.
එම පාසල්වල දෙවන වාරය ජුනි 24 සිට සැප්තැම්බර් 13 දක්වාද තෙවන වාරයේ පළමු අදියර සැප්තැම්බර් 19 සිට දෙසැම්බර් 13 දක්වාද දෙවන අදියර 2025 ජනවාරි 02 සිට එම මස 17 දක්වාද ක්‍රියාත්මකයි.
පසුගිය වාර සටහන අනුව 2024 පාසල් වර්ෂය 2025 ජනවාරි 31 න් අවසන් වීමට තිබු අතර සංශෝධිත වාර සටහන අනුව එය 2025 ජනවාරි 17 න් අවසන්වේ.
Reply To:
Name - Reply Comment
0 Comments