Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාසල් පෝෂණ වැඩසටහන සඳහා වේයන්ගොඩ පිහිටි දිස්ත්‍රික් ධාන්‍ය ගබඩාවෙන් නිකුත් කර ඇත්තේ ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් පත් කළ විද්වත් කමිටුව මඟින් මිනිස් පරිභෝජනයට සුදුසු බවට නිර්දේශ කළ සහල් තොග පමණක් යැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එම සහල් තොග ප්‍රමිතියෙන් තොර බවට වාර්තා වන තොරතුරුවලට ප්‍රතිචාර දක්වමින් ජනපති මාධ්‍ය අංශය මේ බව පවසයි.

එම කමිටුව අදාළ නිර්දේශය ලබා දී ඇත්තේ ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශ්ලේෂණ වාර්තා පදනම් කර ගනිමින් බවත් ජනපති මාධ්‍ය අංශය පවසයි.

එලෙස ආයතන කිහිපයක් මඟින් මිනිස් පරිභෝජනයට සුදුසු බවට තහවුරු කළ සහල් තොගය වේයන්ගොඩ පිහිටි දිස්ත්‍රික් ධාන්‍ය ගබඩාවෙන් යළි පරීක්ෂා කර ලබා ගැනීම සඳහා සෞඛ්‍ය කේෂ්ත්‍රය නියෝජනය වන පරිදි නිලධාරී කණ්ඩායමක් යොදවන ලෙසත්, මෙම සහල් තොගය මැයි 01වනදාට පෙර භාවිතා කිරීමට හැකිවන පරිදි සැලසුම් කරන ලෙසත් සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට ලිඛිත උපදෙස් ලබා දෙනු ලැබූ බවද එම නිවේදනයේ දැක්වෙයි

ඒ අනුව සහල් තොගය මධ්‍යම ගබඩාවෙන් අදාළ පළාත් වෙත නිකුත් කිරීමට පෙර පළාත් අධ්‍යාපනය භාරව කටයුතු කරන මාණ්ඩලික නිලධාරියෙක් සහ පළාත නියෝජනය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායමක් මඟින් ද සහල් තොගය මිනිස් පරිභෝජනයට සුදුසු බවට තහවුරු කිරීම අනිවාර්ය කර ඇති අතර, එලෙස නිල අත්සනින් තහවුරු කිරීමෙන් පසුව පමණක් සහල් තොග අදාළ පළාත් වෙත නිකුත් කර ඇති බවද ජනපති මාධ්‍ය අංශය පවසයි.

පාසල් දරුවන් සඳහා ලබා දෙන ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව සහ ගුණාත්මක තත්ත්වය තවදුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මඟින් ලබාදුන් මෙම සහල් පාසලේ ආහාර පිසින්නන්ට නිකුත් කිරීමට පෙර පාසල් පෝෂණ කමිටුවේ නියෝජිතයෙකු වන මහජන සෞඛ්‍ය පරීක්ෂක මගින් පරීක්ෂා කළ යුතු බවට ද  දැනුම් දී ඇතැයි ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ජාත්‍යන්තර ආහාර ඇසිරීමේ තත්ත්ව ප්‍රමිතීන්වලට අනුකූලව ඇසුරුම් කර ඇති මෙම සහල් තොගය මැයි 31 වැනිදාට පෙර භාවිත කිරීමට සුදුසු බවට නිර්දේශ කර ඇති බවත් මෙම සහල් ප්‍රදානයක් ලෙස ලැබී ඇති බැවින් සහල් ඇසුරුම්වල “Not for Sale” (විකිණීම සඳහා නොවේ) ලෙස මුද්‍රණය කර ඇති අතර, සහල් තොග පරිභෝජනයට නුසුදුසු බවට ඉන් අර්ථ නොගැන්වෙන බවද ජනපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව සෞඛ්‍ය කේෂ්ත්‍රයේ විවිධ තල නියෝජනය වන පරිදි සිදුකළ විධිමත් පරීක්ෂාවකින් අනතුරුව ලෝක ආහාර වැඩසටහන යටතේ මිනිස් පරිභෝජනයට සුදුසු සහල් තොග පාසල් සඳහා නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.