Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන් කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්තවී තිබේ.

අභාවප්‍රාප්ත වන විට 85 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා ශ්‍රී දළදා පෙරහරේ විශිෂ්ටතම වෙස් නර්තන ශිල්පියා වශයෙන් වසර 35ක් ජනාධිපති සම්මානයට පාත්‍රවී තිබේ. උඩරට වෙස් නර්තනය ලොව පුරා ප්‍රචලිත කිරීමට රටවල් 80කට අධික ප්‍රමාණයකට සංචාරය කොට ඇති සූරසේන මහතා ලන්ඩන් හි ඓතිහාසික ඇල්බට් ශාලාවේ නර්තනයක් ඉදිරිපත් කළ එකම වෙස් නැටුම් ශිල්පියාද වේ.

ඒ මහතාගේ දේහය අරුප්පොල පිහිටි සූරසේන කලාආයතනයේ තැන්පත් කොට ඇති අතර අවසන් කටයුතු හෙට (26) සවස7.30 ට මහයියාව ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.