පුත්තලම කලපුවට ආපු හම්බැක් ඩොල්ෆීන් යළිත් දියඹට
- 2023-04-09 16:01:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පුත්තලම කලපුවට පැමිණි දැවැන්ත හම්බැක් වර්ගයෙ ඩෝල්ෆීන් මත්ස්‍යයකු අද (9දා) දහවල් වනජීවි නිළධාරින් විසින් දැඩි පරිශ්‍රමයක් දරා ආරක්ෂීතව දියඹට මුදා හැරිමට කටයුතු කෙරුණි.
අඩි හතකට වැඩි දිගකින් යුත් මෙම ඩෝල්ෆින් මත්ස්‍යා කලපුවේ මසුන් මැරිමේ නිරතව සිටි ධීවරයින් දැක වනජීවි නිළධාරින් දැනුවත් කිරීමට කටයුතු කර තිබු බව කියයි.
පසුව මෙම ස්ථානයට පැමිණි ඉලන්තඩිය වනජීවි කාර්යාලයෙ නිළධාරින් හා පුත්තලම දිස්ත්‍රික් වනජීවි කාර්යාලයෙ නිළධාරින් එක්වි පැය කිපයක මෙහෙයුමකින් පසු ඩෝල්ෆින් මත්ස්‍යාට කිසිදු හිරිහැරයක් නොවන ලෙසට දියඹට ධීවර යාත්‍රා උපයෝගී කර ගනිමින් රැගෙන ගොස් මුදා හැරීමට කටයුතු කර තිබුණි.
වනජීවි නිළධාරින් පවසන්නේ පුත්තලම කලපුවේ වසර 10 කට ආසන්න කාලයක් තුළ මෙම හම්බැක් වර්ගයෙ (HUM BACK) වර්ගයෙ ඩෝල්ඨින් මත්ස්‍යයින් හමුවි නැති බවයි.
කල්පිටිය වනජීවි අඩවි ආරක්ෂක උපාලි කුමාරතුංග මහතා පවසා සිටියේ හම්බැක් ඩෝල්ෆින් මත්සයින් වදවි යාමේ තර්ජනයට ලක්ව ඇති බවත් එම මත්ස්‍යයින් මෙලෙස කලපු හා මුහුදු වෙරළ තිරයන්ට පැමිනි පසු ආරක්ෂීතව මුදා හැරිමට ධීවරයින් ඇතුළු අනිකුත් ප්‍රජාවගෙන් ලැබෙන සහයෝගය ඉතාමත් අගය කල යුත්තක් බවය.
Reply To:
Name - Reply Comment
0 Comments