Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාසල් පද්ධතිය තුළ පෙර පාසලේ සිට ම විනය හැදීමේ පරිවර්තනීය අවශ්‍යතාවක් පවතින අතර අධ්‍යාපන අමාත්‍යාංශය එහි පුරෝගාමී මෙහෙවරක් සිදු කරමින් පූර්වාදර්ශයක් සැපයිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අනිසි තරගයකින් තොරව අන්‍යෝන්‍ය ගරුත්වයක් සහිත ව කටයුතු කිරීමට පාසලේ දී සිසුන් ලබන ශික්ෂණය, ඉදිරි සමාජ ප්‍රගමනයට මනා අඩිතාලමක් වන අතර ඒ සඳහා විදුහල්පතිවරයකු පාසල තුළ ප්‍රකට කරන නායකත්ව හැකියාව ප්‍රමුඛ දායකත්වයක් සපයන බවත් විශේෂයෙන් ම ප්‍රාථමික අධ්‍යාපනය සඳහා මනා පුහුණුවක් සහිත ගුරුවරුන්ගෙන් ද ඊට නොමඳ පිටුබලයක් ලැබෙන බවත් අමාත්‍යවරයා පැවසී ය.

එමෙන් ම  අමාත්‍යාංශය තුළ ඉහළ තනතුරු දැරීමේ දී තීන්දු තීරණ ගනිමින් ඵලදායී ව ක්‍රියාකාරී වීමට ද නිලධාරියකුට විදුහල්පතිවරයකු වශයෙන් ලබන එම පරිචය අතිශය වැදගත් වන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ආගමික උපදේශක මණ්ඩලයට නව සාමාජිකයන් පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ය.

 කාර්යාලයීය ක්‍රමවේද පිළිබඳ නිසි පුහුණුවක් ලබා දෙමින් හා අභ්‍යන්තර මාරුවීම් ක්‍රියාත්මක කරමින් අමාත්‍යාංශය තුළ සෑම මට්ටමක ම සේවකයන්ගේ ද ගුණාත්මක පක්ෂය ඉහළ නැංවිය යුතු බවත් ආකල්පමය වෙනසක් හරහා එම ඵලදායී වෙනස දීපව්‍යාප්ත ව පාසල් පද්ධතිය තුළ ද බලගැන්විය යුතු බවත් මේ වන විට සාර්ථක ව ක්‍රියාත්මක සතිමත්බව වැඩිදියුණු කිරීමේ සතිපාසල් වැඩසටහන ඊට දායක කරගත හැකි බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ ය.

සියලු ආගම්වලට අයත් සිසුන් අධ්‍යාපනය ලබන බොහෝ පාසල් ආගමික ගැටලුකාරීබවකින් තොර ව පවතින අතර එවැනි ශික්ෂණයක් යටතේ විනයගරුක ව අන්‍යෝන්‍ය ගරුත්වයකින් යුතු ව පාසල තුළ හැදී වැඩෙන දරුවන් ඉදිරියේ දී සමාජය තුළ ද රැකියාවේ දී ද යහපත් පුරවැසියන් ලෙස සහජීවනයෙන් ජීවත් වන බවත් පැවසූ අමාත්‍යවරයා  ඒ තත්වය සමස්ත පාසල්වල ම ක්‍රියාවට නැංවීම සඳහා සියලු ආගමික අංශවලින් පුළුල් දායකත්වයක් ලැබිය යුතු බවත් පැවසී ය.

ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ය. එවිට ලක්ෂ 41 ඉක්මවූ පාසල් දරුවන් මාර්ගයෙන්   සහජීවනයේ හා ආගමික සංහිඳියාවේ පණිවිඩය සමස්ත සමාජය කරා ම ගෙන යා හැකි බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.  මෙවැනි භෞතික මෙන් ම ව්‍යුහාත්මක කාර්යන් රැසක් සාර්ථක ව සපුරා ගනිමින් අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධන පක්ෂය ඉහළ නැංවීමට තමන් පුළුල් භූමිකාවක් නියෝජනය කරමින් කැප වී ක්‍රියා කළ ද තවමත් වැඩි කාලයක් දැරීමට සිදු ව ඇත්තේ ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගැනීමට නොව සේවා විෂමතා ඉවත් කිරීම වැනි දිගුකාලීන ව පැවත ආ ගැටලු විසඳීමට බවත් දරුවන්ගේ පක්ෂයෙන් එය යහපත් නොවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙහි දී පැවසුවේ අමතර පන්ති පවත්වන දේශකයකු බවට පත් නොවී සිසුන්ගේ ජීවිතයේ පුළුල් පරාසයකට සම්බන්ධ ගුරුවරයකු ලෙස ක්‍රියා කිරීමට ගුරුවරයා පෙළඹිය යුතු බවයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.