පෙරපාසල් ගුරුවරුන්ට විධිමත් පුහුණුවක්
- 2023-08-03 16:51:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපනය අතරමග දී සැකසිය නොහැකි අතර එය පෙරපාසලේ සිට ඉතා විධිමත් ව සැකසිය යුතු බවත් දිවයින පුරා විසිරී සිටින විවිධ වර්ගවල පෙරපාසල් 19,000ක සිටින 40,000ක් පමණ වන පෙරපාසල් ගුරුවරුන්ට නිශ්චිත වූ පුහුණුවක් හා ඩිප්ලෝමාවක් ලබා දී ඉදිරියේ දී එම විධිමත් සහතික අනුව පමණක් පෙරපාසල් ආරම්භ කිරීමට අවසරය ලබාදෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ප්‍රාථමික අධ්‍යාපනයේ අඩිතාලම වැටෙන පෙරපාසල් අධ්‍යාපනය කෙරෙහි සුවිශේෂ අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බැව් පැවසූ අමාත්‍යවරයා ජපානයේ වැඩි ම අවධානයක් යොමු කරන්නේ මෙම පෙරපාසල් අධ්‍යාපනයට බවත් සඳහන් කළේ ය. යම් රාමුවක් තුළ ක්‍රියාකාරකම් පදනම් කරගත් අධ්‍යාපනයක් පෙරපාසල් දරුවන්ට ලබා දීමේ පදනම සැකසීම මගින් ප්‍රාථමික අධ්‍යාපනය ඇතුළු අනෙකුත් අධ්‍යාපන තලයන්හි අනවශ්‍ය ඉගෙනුම් පීඩනය අවම කිරීමට හැකි වන පරිදි විභාග බර අඩු කළ හැකි බවත් එමගින් නිරායාසයෙන් ම ඉදිරි වසර කිහිපය තුළ දරුවන්ගේ පාසල් බෑගයේ බර ද ක්‍රමානුකූල ව අඩු වනු ඇති බවත් අමාත්‍යවරයා පැවසී ය.
මෙහි දී ප්‍රාථමික අධ්‍යාපනය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන ඇති විවිධ පියවර ගැන ද සඳහන් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, අධ්‍යාපන අමාත්‍යාංශය 2022 වර්ෂයේ ප්‍රාථමික ගුරුවරුන් 13,800ක් පුහුණු කර ඇති අතර 2023 වර්ෂයේ දී ද එවැනි ම ප්‍රමාණයකට පුහුණුව ලබා දීම මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.
ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් යුනිසෙෆ් සංවිධානයත් සමග එක් ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් එක වසරේ සිට ම භාවිතයෙන් ඉංග්‍රීසි කථනය මේ වන විටත් ප්‍රායෝගික ව අරඹා ඇති බවත් පැවසූ අමාත්‍යවරයා ඒ අනුව පෙරපාසල් වඩාත් ශක්තිමත් කිරීම මගින් ද ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධන ඉලක්කය සපුරාගන්නා බව ද පැවසී ය.
අමාත්‍යවරයා මේ තොරතුරු දැක්වූයේ ආර්ථික අපහසුතා සහිත දරුවන් ලක්ෂයකට නොමිලේ පාසල් පොත් ලබා දීම වෙනුවෙන් බෝමිරිය ජාතික පාසලේ දී අද පැවති සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.
‘ලොව හොඳ ම දේ දරුවන්ට’ යන තේමාව යටතේ සමෘද්ධි සවිබල ගැන්වීමේ අමාත්‍යාශයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන, ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පාසල් යාම අතරමග නතර කරන දරුවන් එයින් වලක්වාගැනීමේ අරමුණින් ක්‍රියාත්මක ජාතික වැඩසටහනක සමාරම්භක වැඩසටහනයි.
දීපව්‍යාප්ත සමෘද්ධි ප්‍රජා මූල සංවිධානවල හා සමෘද්ධි ප්‍රජාමූල බැංකුවල සුබසාධක අරමුදලේ මෙන් ම සමාජ සංවර්ධන අරමුදලේ මූල්‍ය දායකත්වය මෙම සමාජ සංවර්ධන කාර්ය සඳහා ලැබී ඇත.
මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments